සමේ රැලි දවස් 7න් අවම කරන විශ්මිත ප‍්‍රතිකාරයක් නිවසේදීම කර ගනිමු
ස්වාභාව ධර්මයට අනුව අපි හැමදෙනාම දිනෙන් දින වයසට යනවා. එතකොට අපේ මුහුණේ තියෙන තරුණ පාටත් කෙමෙන් වියැකිලා ගිහින් ගොඩාක් සෞඛය ගැටලූත් ඇතිවෙනවා. මුහුණේ රැළි වැටීම කියන්නේ අපි කව්රුත් අපේක්ෂා නොකරන එහෙත් වයසට යනකොට අපි හැමදෙනාටම මුහුණදෙන්න වෙන පොදු ප‍්‍රශ්නයක්. මුහුණේ රැලි වලින් අපි කොයිතරම් වයසද කියලා හොඳට බලාගන්න පුළුවන්.
සාමාන්යෙන් අපේ කාන්තාවන් විවිධ ආලේපන සහ සත්කාරයන් භාවිතා කර මෙම ප‍්‍රශ්නයට විසදුම් සොයනවා. නමුත් මේ කිසිවක් සම්පුර්ණයෙන් රැළි ඉවත්කිරීමට සමත් නැහැ. ඔයත් දීර්ග කාලීනව විවිධ ආලේපන වර්ග භාවිතා කරන්න පුරුදුවෙලා හිටියත් ටික කාලයක් යනකොට ඒ ආලේපය සමට හුරු වෙලා අපේක්ෂිත ප‍්‍රතිඵල නොලැබී යන්න පුළුවන්. කොහොම
උනත් අද ඔයාට කියලා දෙන්නේ මුහුණේ රැළි ඉවත්කිරීමට සුවිශේෂී හැකියාවක් තියෙන නිවසේදීම පිළියෙළ කරගන්න පුළුවන් විශ්මිත බෙහෙතක් ගැන.
මේ ආලේපනය සකස් කරගන්න ටික වෙලාවක් ගතවේවි. නමුත් මේ ඒ සඳහා ගතවුන වෙලාව අපතේ නොගිය බව මෙහි ප‍්‍රතිඵල දැකීමෙන් ඔබටම තේරේවි. අපි මුලින්ම බලමු මේ සත්කාරයේ අඩංගු ද‍්‍රව්‍ය මගින් අපේ සමට ලැබෙන ප‍්‍රතිලාභ මොනවද කියල.
01. සමෙහි තෙතමනය ආරක්ෂා කිරීම
02. රැලි වැටීම අවම කිරීම
03. මේ සඳහා යොදා ගන්නා ද‍්‍රව්‍ය ස්වභාවික නිසා කිසුදු අතුරු අබාධයක් ඇති නොවීම.
04. දින 7ක් තුල ප‍්‍රතිඵල ඔබටම දැනගත හැකිවීම
අවශ්‍ය ද‍්‍රව්‍ය
01. වැස්ලීන් තේ හැඳි දෙකක්
02. බිත්තර කහ මද තේ හැඳි එකක්
03. මී පැණි තේ හැඳි එකක්
04. ඔලිව් තෙල් තේ හැඳි එකක්.
පිළියෙළ කරගන්නා ආකාරය
මුලින්ම වැස්ලීන් ක‍්‍රීම් ටික අරගෙන හුමාලයෙන් රත් කරගන්න. මේ සඳහා මිනිත්තු කිහිපයක් ගත වේවි.
ක‍්‍රීම් ටික උණු වුනාට පසුව බිත්තර කහ මද, මී පැණි සහ ඔලිව් තෙල් හෝ ආර්ගන් තෙල් ටික එකතුකරගන්න.
මිනිත්තු කිහිපයක් හොදින් හොදින් කලතා කුඩා කුඩා භාජනයකට දමා ශිතකරණයේ අරන්තියන්න.
ආලේප කරන ආකාරය
මුහුණ හොදින් සේදීමෙන් පසු සකස් කරගත්තු ආලේපය සිනිදු ලෙස සම මත තවරන්න. මිනීත්තු 30කට පස්සේ වැඩිපුර තියෙන ක‍්‍රීම් ටික ඉවත් කරන්න. මේ සඳහා වතුරේ පොගවපු ටිෂු කඩදාසියක් හරි කපු රෙදි කෑල්ලක් හරි යොදාගන්න. ඔය නින්දට යන්න පැය දෙකකට කලින්වත් මේ ක‍්‍රීම් එක ආලේප කරන්න.

Post a Comment