අපල දෝෂ දුරුකරන්න මේ විදියට දෙහි කපන්න - ඔබට තනිවම කර ගන්න පුළුවන්

දෙහි කපා දෝෂ භංග කිරීම පෙර කල සිට අපේ මුතුන් මිත්තන්ගෙන් පරපුරෙන් පරපුරට දායාදව එන සරල ගුප්ත විද්‍යාත්මක ශාන්තිකර්මයක් ලෙස ගැනුනද එය මනා දැනුවත් භාවයකින් ඉතා නිවැරදි ලෙස සිදුකළ යුතු ගුප්ත විද්‍යා ශාන්තිකර්මයකි.

යම් කෙනෙකුට පීඩා විඳින්නට සිදුවන ඇස් වහ කටවහ, අනවිණ කොඩිවිණ, අමනුෂ්‍ය බලවේග ආදී උපද‍්‍රවයන් නිසා බලපාන්නා වූ ඇසට නොපෙනෙන එහෙත් පීඩාවිඳින්නට සිදුවන මෙවැනි දෝෂයන් සඳහා දෙහි ගෙඩි හතක් දාහතරක් විසිඑකක් වශයෙන් ගෙන මල් බුලත් තටුවක තැන්පත්කර ආතුරයාහට බලපවත් වන්නා වූ දෝෂ තත්ත්වය පිළිබඳව පූර්ණ නිගමනයකට පැමිණ ජලනන්දන පිරිත, කාලි වඩිග ශ‍්‍රී නාරායන අලගුව, මහසෝන් අලගුව, නීච කුල බන්ධනය ආදී නොයෙක් පිරිත් මන්ත‍්‍ර හා දෙවියන්ගේ ගුණ කියෑවෙන ශ්ලෝක, ගීතිකා, ස්තෝත‍්‍ර වලින් ජපකර ශාස්ත‍්‍රය පිළිබඳ හොඳින් දන්නා අයකු ලවා දෙහි කප්පවා සෙත ප‍්‍රාර්ථනා කිරීම සාමාන්‍ය සිරිතය.

එහෙත් දෙහිකැපීමේ ගුප්ත ශාස්ත‍්‍රය පිළිබඳ මනාව දැනුවත් වී තුන්දොස් සමනයටත් පවතින අපල තත්ත්වයන් මගහරවා ගැනීමටත් තමා විසින්ම තමාට දෙහි කපා ගැනීමේ හැකියාවද පවතී. 

ඒ සඳහා බුධ දින බුධ හෝරාව තෝරාගෙන එනම් දිවා ? දෙකටම පොදු උදැසන 6-7 අතර හා සවස 6-7 වේලාව තුළ පැගිරි දෙහි හෙවත් දෙහි ගැට 21 ක් තෝරා ගෙන මල් බුලත් තටුවක් තනා එහි තැන්පත් කරන්න. 

අනතුරුව බුදුන් දහම් සගුන් සරණ ගොස් දෙවියන්ට පිං අනුමෝදන් කර සාදා ගත් මල් බුලත් තටුවෙහි පහනක් දල්වා සමස්ත දේවතා මණ්ඩලය වෙනුවෙන් දේවාරාධනය සිදු කොට

සරුහරං සර්වාත සිද්ධි සර්ව විද්‍යාධාරිනී සුරනී වේදනී අමරපුර සරස් වතී දේවි අංජන කුමාරි මාමුඛ ධාරිනී

යන මන්තරයෙන් 21 වරක් ජපකර ගන්න. 

දෙවනුව ඇස්වහ කටවහ දුරුවී තුන්දොස් සමනය වී සියලූ දෝෂ දුරුවී සෞභාග්‍ය උදාවේවායි ප‍්‍රාර්ථනා කරමින් පහත දැක්වෙන මන්ත‍්‍රය දෙහි ගෙඩි 21 ට 21 වරක් වනසේ ජප කොට දෙහිගෙඩිය රැඳවූ ගිරය තම හිසෙහි තබා කපා වතුර බඳුනකට දමා පසුව එය ගලායන ජලපහරකට මුදාහරින්න.

රංසිමාල නමෝ තුහ්යං - බුද්ධ සේනාධි පංජරං
ඒවංතං බුද්ධ ජානාත - බුද්ධ දස විලෝචනං
තව සාරිත සෝගතං උන්නන් උන්න සර්ව තිබ්බතී
සුවන්තකො පතිනං නාග කොහිංසි යායනායකා
 ඕං කුරු කුරු ඒස් වාහඃ
 ඕං නමෝ ශ‍්‍රී ඒස්වාහඃ
දේශමාන්‍ය දේශබන්දු රංජන් සිසිර කුමාර 

No comments