මහත අයට කෙට්ටු වෙන්න මෙන්න විශ්මිත ක්‍රමය
අධික තරබාරු බව ඇත්තෙන්ම ඉතාම කරදරකාරී ගැටළුවක් වන අතර ඒ නිසා ඔබට පිළිවෙලට ඇඳුමක් ඇදීමට ඉක්මනින් ඇවිදීමට ආදී ක‍්‍රියාකාරකම් කිරීමට ඉතා අපහසු වේ. අධික මේදය තැම්පත් වීම හේතුවෙන් තරබාරු බව ඇතිවෙන අතර අවිධිමත් ආහාර රටා,ශරීරයට ව්‍යායාම නොමැති බව ආදී කරනු හේතුවෙන් ද තරබාරු බව ඇතිවේ.මෙම ස්වභාවික පානය මගින් ශරීරයේ අන්තර්ගත් මේදය දහනය කරන අතර උදරය ශක්තිමත් කිරීමටද කටයුතු කරයි.ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට හා අක්මාව හා උදරය පිරිසිදු කිරීමටද මේ පානයට හැකියාව ඇත.
අවශ්‍ය ද‍්‍රව්‍ය
කපා ගත් අන්නාසි කෝප්පයකින් 1ක්
දෙහි ගෙඩි 1ක්
2 cm පමණ ඉගුරු කැබැල්ලක්
මින්චි කොළ 6ක්
වතුර කෝප්ප 2ක්
ක‍්‍රමය
මේ සියල්ලම එකට යොදා බ්ලෙන්ඩර් කර පානයක් සදා ගන්න.දිනපතාම නින්දට පෙර මෙය පානය කරන්න.මෙමගින් ආහාර රුචිය අඩු කෙරෙන බැවින් ආහාර ගැනීම පාලනය වේ.
යොදාගත් ද‍්‍රව්‍යන් මගින් ලැබෙනා ගුණයන්(මේ සියල්ලෙන්ම සිදු කරන්නේ ශරීරය නියමාකාරයෙන් කෙට්ටු කිරීමට කටයුතු කිරීමයි)
අන්නාසි යනු ඛනිජ(පොටෑසියම්,සෝඩියම්,යකඩ,කැල්සියම්....) ද‍්‍රව්‍ය වලින් පරිපුර්ණ වූ විදේශික පලතුරකි.විශේෂයෙන්ම මෙහි විටමින් හා තන්තු අන්තර්ගත නිසා මේද දහනය සඳහා උපකාරී වේ.
දෙහි මගින් ජීර්ණ ක‍්‍රියාවලිය සාර්ථක කරගැනීමට උපකාරී වන අතර ශරීරයේ විස හා මේදය තැම්පත් වීම වළක්වාලයි.ඒ මගින් බර අඩු කරගැනීමට වගේම ලෙඩ රෝග වලින් බේරීමට හැකියාවක් ලැබේ.
ඉගුරු යනු විෂබීජනාශකයක් වගේම ආහාර රුචිය අඩු කර ගැනීමට උපකාරී වන කුලූබඩුවක් ලෙස හැදින්විය හැකියි.ශරීර ශක්තිය වර්ධනය කර දෛනික කාර්යන් අලස බවකින් තොරව සිදු කර ගැනීමට උපකාරී වේ.
මිංචි කොළ මගින් ජීරණය පහසු කරවන අතර එහි ඇති විෂබීජ නාශක ගුණය නිසා මන්ෂපෙශීන් සැහැල්ලූ කර දහදිය දැමීම වැඩි කරයි.ප‍්‍රතිඔක්සිකාරක ගුණයන්ගෙන් අනූන මිංචි වල විටමින් E හා යකඩ විශාල ප‍්‍රතිශත වලින් පවතී.
Post a Comment