කොඳුඇටපෙළේ හෝ ශරීරයේ පිටුපස, කකුල් ආශ්‍රිතව වේදනාවෙන් පෙළෙනවා නම් මෙම ස්වභාවික වට්ටෝරුව මෙන්න
කොඳුඇටපෙළ හෝ ශරීරයේ පිටුපස පමණක් නොව කකුල් ආශ්‍රිතව වේදනාවෙන් පෙළෙන අයට පවා පවතින හොඳම විසඳුම වන්නේ මෙහි සඳහන් වන වට්ටෝරුව භාවිත කිරීමයි.
මෙම ස්වභාවික වට්ටෝරුව භාවිත කිරීමෙන් කොඳුඇටපෙළේ වේදනාවෙන් ඔබ නිදහස් වනු ඇත. ඕනෑම ගැටලුවකට පවතින හොඳම විසඳුම සැබැවින්ම ඉතා සරල වනවා මෙන්ම ඔබේ ඇඟිලිතුඩු අසල පවතිනවාය යන්න ඔබ අසා තිබෙනවා නේද? මෙම සරල වට්ටෝරුව අනුගමනය කිරීමෙන් ඔබත් එය අත්විඳිනු ඇත.
ඔබේ කොඳුඇටපෙළේ, ශරීරයේ පිටුපස සහ කකුල ආශ්‍රිත වේදනාවන් පවා සමනය කිරීම සඳහා රාත්‍රී නින්දට පෙර ඔබ මෙම වියළි පළතුරු ආහාරයට ගැනීම සිදු කළ යුතුය.
වියළි අත්තික්කා ගෙඩි 1 ක්
වියළි ඇප්‍රිකට් ගෙඩි 1 ක්
prunes පෘන්ස් ගෙඩි 5 ක්
මෙම ප්‍රණීතවියළි ආහාර ආහාරයට ගැනීම මගින් අන්තර් කශේරුක පටක පුනර්ජනනයට පෙළඹවීමක් සිදු කරයි. එමෙන්ම එම පටක ශක්තිමත් කිරීමට සහ ඒවායේ ව්‍යුහය දියුණු කිරීමට පෝෂණය සැපයීමද මෙමගින් සිදු වෙනවා. මේ නිසා බාහිර මැදිහත්වීමක් සිදු නොකර එනම් ආහාරමය පෝෂණ සත්කාරයක් මගින් පමණක් කශේරුකාවන් පැවතිය යුතු නියම පිහිටීමට ගෙන ඒම සිදු කරනවා.
දින කිහිපයක් මෙම ස්වභාවික වට්ටෝරුව භාවිත කිරීමෙන් එහි ප්‍රතිඵල අත්විඳීමට හැකි වනු ඇති අතර උපරිම ප්‍රතිඵල ලබාගැනීම සඳහා මෙම වට්ටෝරුව මාසයක කාලයක් භාවිත කළ යුතුයි.
- පරිවර්තනය| කවිඳු හේවාගීගනගේ
source| explorehealthyfood
Post a Comment