පිරිමි දරුවෝ ඉන්න අම්මලට කෙරෙන බරපතල අනතුරු ඇගවීමකි

සිදුවූ මෙම අනතුර දුරදිග නොගොස් කෙලවර වීම පිළිබඳව අපි සතුටු වෙනවා. නමුත් පිරිමි දරුවන්ගේ පිහිනුම් ඇඳුම් සම්බන්ධයෙන් අනතුරු අගවන්නට සුදුසු කාලය පැමිණ තිබෙනවා.

පිරිමි දරුවන් අඳින සමහරක් පිහිනුම් කලිසම් වල සුදු පැහැති සින්තටික් දැලක් පිහිටා තිබෙනවා ඔබ දැක ඇති. පෙනෙනවාට වඩා එය ඉතාමත්ම භයානක බව හොඳින් මතක තබාගන්න. කුඩා පිරිමි දරුවෙකුට සිදුවූ අනතුරක් නිසා තමයි මේ පිළිබඳව වැඩි අවධානයක් යොමුව තිබෙන්නේ. එම කුඩා දරුවාගේ ශිෂ්ණය සුදු පැහැති දැලේ සිරවුණු අතර එම තත්වය දිරදිග ගියා නම් ශිෂ්ණය නැතිවෙන්නට පවා අවදානමක් තිබුණු බව ඔහුගේ මව අනතුරු අගවමින් පවසා සිටිනවා.

ලෝරා කොලින්ස් කියන එම කාන්තාව නිවාඩු කාලය ගත කිරීම අස්න්දහා තම 5ස් හැවිරිදි දරුවා වන ජැක් සමග ස්පාඥ්ඥයේ සංචාරකයකට ගියා. ඒ අතර තුරදී තමයි මෙම අනතුර සිදුව තිබෙන්නේ. තම ශිෂ්ණය සුදු පැහැති දැලේ පැටලී ඇතිබවක් නොදැන සිටි දරුවා සාමාන්‍යය විදියට කලිසම ගැලවීමට උත්සහ කර තිබෙනවා.

තම දරුවා එතරම් වේදනාවකින් පෙළෙනවා බලාසිටීමට කිසිඳු අම්ම කෙනෙක්ට බැහැ.

(ඔහු වෙන කවරදාකවත් නැති තරම් වේදනාවකින් කෑගසමින් අඩනවා මට ඇසුනා.) ඔහු තම දරුවාව වඩාගෙන තමන් නැවතී සිටි හෝටලයේ වෛද්‍ය ඒකකය වෙත ගියත් කිසිඳු පලක් වුනේ නැහැ. පසුව හෝටල් කාර්යය මණ්ඩලයේ සහයෝගය ඇතුව සුදු පැහැති දැලේ පැටලී තිබූ දරුවාගේ ශිෂ්ණය නිදහස් කරගැනීමට හැකිවුනා. ඒ හේතුවෙන් දරුවාගේ ශිෂ්ණය මත පුපුරන්නට ආසන්නව ඇති තරමක් විශාල බිබිලි දෙකක් හටගත් බවයි මව වැඩිදුරටත් පවසා සිටින්නේ.

වෛද්‍යවරුන් නම් පවසන්නේ මේ මෙවැනි දෙයක් සිදුවුණු පළමු වතාව නොවෙන බවයි.

සිදුවුණු එම අනතුර හේතුවෙන් දරුවාගේ මුත‍්‍රා මාර්ගයට සහ ශිශ්නයට හානිවී ඇති බව ඔවුන් සැක කරත් වාසනාවකට මෙන් දරුවාට මුත‍්‍රා කිරීමට හැකිවී තිබෙනවා. එම නිසා ඇතිවූ තත්වය එතරම් භයානක නොවෙන බවයි වෛද්‍යවරුන් පවසා තිබෙන්නේ.

ඔබටත් කුඩා පිරිමි දරුවන් සිටිනවානම් සින්තටික් දැල් ඇති කලිසම් පළඳින්නට ඉඩ තබන්න එපා.

No comments