පෙනුම අවලස්‌සන කරන අළුහම් වලට විශ්මිත බෙහෙත් වට්ටෝරුව මෙන්න

අපේ ශරීරයේ මතු වෙන ඇතැම් රෝග සහ ආසාත්මිකතා නිසා අපිව අපහසුතාවට පත් වෙනවා. ඒ වගේම ඇති වන අපකීර්තිය නිසා සමාජයට මුහුණ දෙන්නත් බැහැ. එවැනි රෝගයක් ලෙස අළුහම් හඳුන්වා දිය හැකියි. අළුහම් රෝගය සමේ මතුවන විටම සුදුසු ප‍්‍රතිකාර කිරීමෙන් එය වළක්වා ගන්න පුළුවන්.

සුපිරිසුදු හා සෞඛ්‍ය සම්පන්න සමක් තිබීම සුන්දර ශරීරයක මූලික ලක්ෂණයකි. එය රූපලාවන්‍ය ගැන සැලකිලිමත් වන සෑම කෙනෙකුට ම ප‍්‍රයෝජනවත් වෙනවා. දිනපතා හොඳින් ස්නානය කිරීම සම පිරිසිදු කිරීමට ගනු ලබන මූලික පියවරයි. හොඳින් ඇගේ කුණු ඉවත් වන සබන් හෝ වෙනයම් ඖෂධයක් මගින් සම පිරිසිදු කර ගත හැකියි. එලෙස පිරිසිදු වූ සම පැහැපත් වීමට අප ගන්නා ආහාර වැදගත් වෙනවා.

සෞඛ්‍ය හා පැහැපත් සමකට මෙවැනි අංග උපයෝගී වීමෙන් ලස්සන රුවක් තනා ගැනීමට ඔබට හැකි වෙනවා. සමහර කෑම ජාති හෝ පැහැත් වීමට ගන්නා ආලේපනවල අසාත්මිකතාව නිසා හෝ සමෙහි ඇතිවන ආසාදන සම මතුපිටට පැමිණීම නිසා නොයෙක් පීඩාකාරී තත්ත්ව හට ගැනීමට පුළුවන්.

සම මතුපිට එන ලප කැලැල් වගේ ම යම්  patch ආවරණයක් සුදු පාටින් සම වැසී යාමට පුළුවන්. කල් යත් ම එය සිරුර පුරාවම පැතිර යා හැකියි. සමහරුන් ට මෙවැනි තත්ත්වයක දී කැසීමට පටන් ගන්නවා. මෙය සමෙහි ඇතිවන සුප් වර්ගයක් නිසා ඇතිවන්නක් බැව් හඳුනාගෙන තිබෙනවා.

මෙය දිලීරයකි. මේ දිලීරය සම මතුපිට ඇති අළුහම් නමින් හඳුන්වනු ලබනවා. මේවා බෝවන තත්ත්වයක පවතිනවා. ඇඳුම් පැළඳුම් භාවිතයෙන් වුව ද මේ උත්පාදනය විය හැකියි. අළුහම් බොහෝ ලෙස නාඹර වයසේ සිටින ළඳුන් හා පුරුෂයින්ට හට ගන්නා බව ප‍්‍රචලිතයි. අළුහම්, ගෝමර වශයෙන් ද හඳුන්වයි. අළුගෝමර නමින්ද හඳුන්වයි. ඔබට මේ ගෝමර ගැන කියන්නට නොව ඒ සඳහා අවශ්‍ය අත් බෙහෙත් ගැන කියා දෙන්නට අදත් වෛද්‍ය ශ්‍යාමා පෙරේරා ඔබ හමුවට පැමිණේ.

අත් බෙහෙත්

ඇත්තෝර කොළ දෙහි ඇඹුලින් හෝ ඇල් වතුරින් අඹරා අළුහම් ඇති තැන ගා විනාඩි 10ක් හෝ 15ක් පමණ තබා වේලූණු පසුව එන කුඩු හොඳීන් සමට ම අතුල්ලන්න. අනතුරුව ස්නානය කරන්න.

පේර දලූ, අමුකහ සමව ගෙන හොඳින් කොටා එළගිතෙලෙන් අඹරන්න. පසුව අළුහම් සහිත ප‍්‍රදේශවල තවරා පැයක් පමණ තබන්න. පසුව නිදිකුම්බා, ළපටි තැඹිලි ලෙලි, අමුකහ, වෙනිවැල් දැමූ තම්බාගත් වතුරෙන් සෝදා හරින්න.

කළුවා අල දෙහි ඇඹුලින් අඹරා ඇගේ ගා පැයක් පමණ වේලෙන්නට හැර මෙහි දී වරින් වර අව්වට ගොස් සිටින්න පසුව එහි රොඩු ටික ඇගටම අතුල්ලන්න. ඉන් අනතුරුව නාන්න.

බෙලි කොළ, ගෙන්දම් සමග අඹරා අළුහම් ඇති තැන්වල ගාලා පැයක් පමණ තබා නාන්න.

පේර කොළ හෝ කරවිල කොළ ඇල් වතුරින් අඹරා එය අළුහම් ඇති තැන්වල ගාලා පැයක් පමණ තියා නාන්න.

කහ කුඩු තල තෙලෙන් අඹරා ගාන්න.

වතු සුද්ද සහ මුලින් ගෙන පොල් කුඩු මිශ‍්‍ර කර තම්බා එයින් එන තෙල අරගෙන එයට නෙල්ලිකා ගෙන්දගම් ගෙන මිශ‍්‍ර කර ගාන්න.
නෙල්ලි, දුම්මල, බළල් ලූණු විනාකිරෙන් අඹරා ගාන්න.

මෙම අත් බෙහෙත් ප‍්‍රතිකර්ම ප‍්‍රත්‍යක්ෂ වුවත් සමහරකුගේ ශරීරවලට විවිධ අසාත්මිකතා එන්නට පුළුවන්. ඔවුන්ගේ සම යම් යම් බෙහෙත්වලට ප‍්‍රතික‍්‍රියා කිරීම ප‍්‍රතිවිරුද්ධ විය හැකියි. ඒ ඔවුන්ගේ ප‍්‍රතිශක්තිය විවිධ නිසා වෙන්නට පුළුවන්. ඒ නිසා එවන් වූ පුද්ගලයන් ඉහත ප‍්‍රතිකාර කිරීමේ දී වඩා සැලකිලිමත් වී වෛද්‍ය උපදෙස් මත ක‍්‍රියා කිරීම බෙහෙවින් සැලකිය යුතු වෙනවා.

අළුහම් සඳහා සුදුසු ආලේපයක්

මේ සඳහා අවශ්‍ය ද‍්‍රව්‍ය  

- උළුහාල් 100g
- මඳ උණුසුමෙන් තබ්බාගත් (අගුරුවල තබ්බා ගැනීමද සුදුසුයි) සුදුලූනු ගෙඩි 5 ක් 
- ගොටුකොළ යුෂ කෝප්ප කාලයි
- වියළි ඉගුරු කළු හැන්දක්
- අමුකහ කුඩු හැන්දක්
- කොටාගත් පිටවක්කා යුෂ
- මුදවපු කිරි ස්වල්පයක්
- බිත්තර සුදු මද 2

ඉහත සඳහන් ද‍්‍රව්‍ය හොඳින් අනා මුදවපු කිරි සමග පැය 1/2ක් අනාගන්න. එයට බිත්තර සුදු මද 2ක් දමා නැවත පැය 1/2ක් පමණ අනාගන්න. (අඹරා ගැනීම සුදුසුයි) එම මිශ‍්‍රණය ශීතකරණයක තබා උදෑසන 10ට පමණ වතුර වීදුරුවක් බී හොඳින් හුස්ම ඉහළට පහළට ගෙන (ඇගපත සැහැල්ලූ කරගෙන) පැල්ලම් සහිත ස්ථානවල මේ ආලේපය ගල්වන්න. පසුව ‍දොඹ සියඹලා තම්බපු වතුරෙන් ශරීරය සෝදන්න.

අළුහම් සඳහා කිසිම විටෙක උෂ්ණ ආහාර සුදුසු නැත. දැල්ලෝ, ඉස්සෝ, බල මාළු, අන්නාසි, අමුකහ ලූණු වැඩි ආහාර මේ සඳහා සුදුසු නැත. අළුහම්වලට එළවළු, කීර පලතුරු වැනි කොළ පැහැති ආහාරපාන වඩාත් සුදුසුය. විශේෂයෙන් දඹර අවර, නිවිති, කැඳ වර්ග වඩාත් සුදුසුයි. එළ කිරි, පුහුල් යුෂ මුං ඇට තැම්බූ වතුර මේ සඳහා වඩාත් සුදුසුයි.

මෙම අත් බෙහෙත් ප‍්‍රතිකර්ම ප‍්‍රත්‍යක්ෂ වුවත් සමහරකුගේ ශරීරවලට විවිධ අසාත්මිකතා එන්නට පුළුවන්. ඔවුන්ගේ සම යම් යම් බෙහෙත්වලට ප‍්‍රතික‍්‍රියා කිරීම ප‍්‍රතිවිරුද්ධ විය හැකියි. ඒ ඔවුන්ගේ ප‍්‍රතිශක්තිය විවිධ නිසා වෙන්නට පුළුවන්. ඒ නිසා එවන් වූ පුද්ගලයන් ඉහත ප‍්‍රතිකාර කිරීමේ දී වඩා සැලකිලිමත් වී වෛද්‍ය උපදෙස් මත ක‍්‍රියා කිරීම බෙහෙවින් සැලකිය යුතු වෙනවා.

No comments