ක්ෂණික නුඞ්ලස් ඔබේ බඩවැල් වලට කරන දේ බලන්න - මෙය නැරඹු අය නැවත කිසිදා ක්ෂණික නුඞ්ලස් කෑවේ නෑ

කාර්යබහුල ජීවන රටාවත් එක්ක අපේ ආහාර රටාවත් ගොඩාක් වෙනස් වෙලා. අපේ ගොඩාක් ගෘහණියන් මේ කාර්ය බහුලත්වයත් එක්ක වෙළෙදපොලේ තියෙන ක්ෂණික ආහාර වලට පුරුදුවෙලා. අද කාලයේ දෙමව්පියන් දරුවන්ට දෙන්නෙත් මේ ක්ෂණික ආහාර. මේ ලිපිය කියවීමෙන් පසු නැවතත් මෙවැනි ක්ෂණික ආහාර මිලදී ගන්න කලින් දෙපාරක් හිතන්න.

අපි ආහාරයට ගන්න ක්ෂණික නූඞ්ල්ස් වල ඛනිජ තෙල් නිෂ්පාදනයේ අතුරු ඵලයක් වන Tertiary-butyl hydroquinone (TBHQ) අඩංගුවෙන බව ඔබ දන සිටියාද? බොහෝ ආහාර නිෂ්පාදකයන් මේ දුව්‍ය ලාබදායි ආහාර සංරක්ෂණයක් ලෙස සදහා යොදාගන්නවා. මෙලෙස යොදා ගන්නා රසායනිකය ඔබේ ශරීරය තුල දිරවන්නේවත් වෙනත් පෝෂණ අවශ්‍යතාවයක් සපුරන්නේවත් නැහැ. අපි ඔයාලට දැන් පෙන්නන්නේ සාමාන්ය නුඞ්ල්ස් සහ සංරක්ෂක දුව්‍ය යොදා නිෂ්පාදනය කල නුඞ්ල්ස් ආහාරයට ගෙන පැය දෙකකට පසුව කැමරා යොදාගනිමින් කල පර්යේෂණයක වීඩියෝ දර්ශන.
          
නවීන තාක්ෂණය යොදාගනිමින් වෛද්‍ය Braden Kuo විසින් සිදු කල මෙම පර්යේෂණයෙන් ක්ෂණික නුඞ්ල්ස් ආහාරයට ගැනීමෙන් පස්සේ අපේ අන්ත‍්‍රවලට සහ අමාශයට මොකද වෙන්නේ කියලා පැහැදිලිව බලාගන්න පුළුවන්.
Braden Kuo විසින් මේ විදිහට පැය 32ක් පමණ කාලයක් කරපු පර්යේෂණයෙන් සොයාගත්ත ප‍්‍රතිඵල ඇහුවොතින් ඔබ පුදුම වේවි. සාමාන්‍ය නුඞ්ල්ස් සහ ක්ෂණික නුඞ්ල්ස් දිරවීමට ගත වන කාලය අතර විශාල වෙනසක් තියෙනවා. සාමාන්‍ය නුඞ්ල්ස් විනාඩි 20ක් වගේ සුළු කාලයක් ඇතුලදී දිරෙව්වත් මේ රසායනික එකතුකල ක්ෂණික නුඞ්ල්ස් පැය දෙකක් ගිහිල්ලත් ඒ විදියටම බඩවැල් වල ඇඹරෙමින් තිබුනා. ආමාශය ඇතුලේදී මේ නුඞ්ල්ස් කෑලි වලට කඩන්න බඩවැල් වලට විශාල උත්සාහයක් දරන්නත් සිදු උනා. මෙලෙස ආහාර එක තැන තිබීමෙන් ආහාරවල ගුණත්වය අන්තර්ග‍්‍රහණය කරගැනීමේ හැකියාව අඩුවෙන අතර , රසායනිකයන් ආහාර ජීරණ පද්ධතියෙන් ඉක්මනින් ඉවත් කිරීමේ හැකියාවද අඩුවෙනවා.
දැන් අපි බලමු TBHQ මොනවද කියලා.
බොහෝ ක්ෂණික ආහාර ද්රව්ය වල පැකට්ටුවේම TBHQ සංරක්ෂකය අඩංගුයි කියලා මුද‍්‍රණය කරලා තියෙනවා. මෙහෙම TBHQ කියලා මුද‍්‍රණය කරලා තියෙන ආහාර මිලදී ගන්න එපා. ඒ පිලිබදව ඔයාල නොදන්නා වටිනා කරුණු රාශියක් ඔබට අපි මේ ලිප්යෙන් කියන්න සුදානම්.
ආහාර නිෂ්පාදන ක්රියාවලියේදී TBHQ කියන ආහාර සංරක්ෂකය ආහාරයේ හැඩය,වර්ණය, දිගුකල් පවත්වාගැනීමේ අපේක්ෂාවෙන් ස්ප්රේ කරනවා. ආහාර වලට අමතරව රුපලාවන්ය කටයුතු, සුවද විලවුන්, වාර්නිෂ්, ලැකර් වගේ දේවල් වල කල් පැවැත්ම සඳහාත් මේ TBHQ යොදාගන්නවා. TBHQ කුඩා ප‍්‍රමාණයක් ආහාරයට එකතුවීමෙන් මාරාන්තික වෙන්නේවත්, ඉක්මනින් අසනීප වෙන්නෙවත් නැහැ.
එහෙත් මේ විදිහට TBHQ දිගටම ආහාර එකතු උනොත් දිගුකාලීනව ඔබේ ශරීරයේ අවයවන් දුර්වල වීම, අසාමාන්‍ය ලෙස පටක වර්ධනය, ඉදිමුම් තත්වයන් සහ පිළිකා ඇතිවීමේ ඉඩ කඩ වැඩියි..පර්යේෂකයන්ට අනුව TBHQ වල මේදය සහ තෙල් ප‍්‍රතිශතය 0.02% වට වඩා නොඅඩු විය යුතුයි. TBHQ ග්‍රෑම් 5ක් ශරීර ගත වීමෙන් මරණය පවා සිදුවෙන්න පුළුවන්. ආහාරවල අඩංගු වෙලා තියෙන ප‍්‍රමාණය මේ ප‍්‍රමාණයන්ට වඩා ගොඩාක් අඩුවෙන්න පුළුවන්. එත් මේ පිළිබඳව දැනුවත් වෙලා මෙවැනි ක්ෂණික ආහාර පාවිච්චියෙන් පුළුවන් තරම් ඈත් වීම ඉතාම වටිනවා. අසල්වැසි ඉන්දියාවේත් මෑතකදී මෙවනි ක්ෂණික ආහාර විකිණිම තහනම් කරා. ඒත් මුදල් බලයට යටවෙන අපේ රටේ මෙවැනි විෂ සහිත ආහාර  ඕනෑතරම් තියෙනවා.
TBHQ ග්‍රෑම් එකක් ආහාරයට ගැනීමෙන් ඔක්කාරය, වමනය, කම්පනය, සිහි විකල් බව, හුස්ම හිරවීම, ඇදවැටීම, වගේ රෝග ලක්ෂණ ඇතිවෙනවා. ඒ වගේම සමහර අවස්ථා වලදී උමතුබව, රාත‍්‍රියේදී භීතියට පත්වීම, හුස්මගැනීමේ අපහසුතා ඇතිවෙන්නත් පුළුවන්. තවත් සමහරුන්ට කුෂ්ට සහ වසා ගැටතිවල ඉදිමීම් පවා ඇතිවෙනවා.
මේ වගේ භයානක මාරාන්තික රෝග ඇතිවෙන්න පුළුවන් රසකාරකයන් අපි නොදැනුවත්වම අපේම ශරීරයට එකතුවෙන්න පුළුවන්. ඒ වගේම අපේ දරුවන්ටත් අපි මේ ආහාර දෙනවා. මේ තත්වය වළක්වා ගන්න අපිට පුළුවන් උපරිමයෙන් ක්ෂණික කෘතීම ආහාර පරිභෝජනයෙන් වැළකි සිටින්න උත්සාහ කරමු.
ලෝක ප‍්‍රසිද්ධ වෙළඳ නාම වලින් අපි අතරට එන මේ ජනප්රිය ආහාර පිලිබදව ඔබ විසින් නැවත සිතා බලා තීරණයක් ගතයුතු කාලය දැන් එලඹිලා. රසය සහ අපේ පහසුව වෙනුවෙන් නැවත මේ වස විස අපේ ආහාරයට කරගන්න කියලා ආදරයෙන් ආරාධනා කරමින් නවතින්නම්. ඔබේ අදරනීයයන් ගේ සතුට වෙනුවෙන් පණිවුඩය බෙදාහරින්න අමතක කරන්න එපා.

No comments