මේ දුව්‍යන් දෙක එකට එකතු කරලා , මිනිත්තු කිහිපයකින් ඔබේ සමේ ඇති වන වෙනස බලන්න

කලූ ගම්මිරිස් කියන්නේ ඛනිජලවන සහ විටමින් වර්ග රාශියක් අන්තර්ගතවෙන වටිනා ඖශධයක්. ගම්මිරිස් වල අඩංගු වෙන විටමින් A (බීටා කැරොටින්) ඇස් පෙනීම සඳහා අත්යාඅවශ්ය දෙයක්.ඒ වගේම විටමින් A සංසරණ පද්ධතියට, පරිවෘත්තීය ක‍්‍රියාවලියට, මාංශ පේශීන් සහ අස්ථි වල පෝෂණයට සහ නිසි කි‍්‍රයාකාරිත්වයට දායක වෙනවා.

ඒ වගේම ගම්මිරිස් තුල කැල්සියම්, පොටෑසියම් , සෙලීනියම් ආදීයද අඩංගුයි. කැල්සියම් අස්ථි සඳහාද, පොටෑසියම් රුධිර පීඩනය ක්රමවත්ව තබාගැනීමට ද සෙලීනියම් අස්ථි, නියපොතු, කේශ නාලිකා,දත්වල නිසි සැකැස්ම තහවුරු කිරීමටද දායක වෙනවා . ඒ වගේම සෙලීනියම් මොලයේ නිසි කි‍්‍රයාකාරිත්වය සඳහාද අවශ්‍යයි. පහත දැක්වෙන්නේ ගම්මිරිස් සහ ගම්මිරිස් තෙල් යොදාගෙන නිවසේදී සකස් කරගත හැකි බෙහෙත් වට්ටෝරු 4ක්. මෙමගින් ඔබේ සමේ තෙතමනය ආරක්ෂා කරගැනීමට ඔබට පුළුවන්.

01.යෝගට් සහ ගම්මිරිස් මිශ‍්‍රණය

ගම්මිරිස් තේ හැඳි ඵකක් සහ යෝගර්ට් තේ හැඳි දෙකක් එකට එකතු කර ගන්න. පසුව මේ ආලේපය රවුමට ඔබේ සමේ ආලේප කරන්න. මෙලෙස මිනිත්තු කිහිපයක් කරලා සීතල වතුරින් සෝදා හරින්න. මේ මිශ‍්‍රනය මගින් ඔබේ සමේ ලප කැළැල් ඉවත් කර දිදුලන බවක් ලබාගන්න පුළුවන්.

02. ඇක්නි සඳහා ගම්මිරිස් සහ මී පැණි මිශ‍්‍රණය

මේ සඳහා ඔබට අවශ්ය වෙන්නේ කළු ගම්මිරිස් තේ හැඳි භාගයක් , බිත්තර සුදුමද සහ මී පැණි මේස හැඳි එකක් පමණයි. මේ දුව්‍යන් 3 එකට එකතු කර ඔබේ මුහුණේ ආලේප කරන්න. මිනිත්තු 15ත් - 20ත් අතර කාලයත් තියෙන්න ඇරලා සෝදා හරින්න.මෙමගින් කුරුලෑ සහ ඇක්නි ඉවත්කර පැහැපත් සමක් ඇති කරගන්න පුළුවන්.

03.සමේ ඇතිවන Cellulite ඉවත්කර ගැනීමට

සමෙහි ඇතිවන Cellulite කියල හදුන්වන මේදය තැන්පත් වීම නිසා ඇතිවන රැුලි ඉවත් කරගැනීමට ගම්මිරිස් තෙල් යොදාගන්න පුළුවන්. මේ සඳහා ඔබ ආලේප කරන ඉදාහ ක්රීම් එකක් සමග ගම්මිරිස් තෙල් බින්දු 3 - 4ක් එකතු කරගැනීම ප‍්‍රමාණවත්. මෙම මිශ‍්‍රනය උදේ හවස අසාදිත ස්ථානයේ ආලේප කරන්න.

                

04.Cellulite සුවකරගැනීම සඳහා තෙල් සදා ගැනීමට පහත දේ අවශ්ය වෙනවා

ආමන්ඞ් තෙල් මේස හැඳි දෙකක්.
තල තෙල් මේස හැඳි දෙකක්
ගම්මිරිස් තෙල් බිදු බින්දු කිහිපයක්.

මේ දේවල් එකට එකතුකරන් ස්නානයෙන් පසු ඔබේ ශරීරයේ ආලේප කරන්න. අස්දිත ස්ථානයේ දිනකට දෙපාරක් ආලේප කරන්න. ඔබේ ශරීරයේ මේදය නිසා ඇති වූ Cellulite ඉවත්කර සමෙහි නම්යශිලිත්වය වැඩිකිරීමට මේ ඖශධයට පුළුවන්.

No comments