හෘද රෝග වලට ඔබ තවත් බිය යුතු නැහැ - මෙන්න සරලම විසදුම
කොළපාට එළවළු සහ පළතුරු ආහාරයට ගැනීමෙන් තරුණ පෙනුම ආරක්ෂා කරගත හැකි බවට අලූත්ම පර්යේෂණයකින් පෙන්වා දෙනවා. රුධිර ගමනය යහපත්වීම සහ රුධිර නාළ ශක්තිමත්වීමට කොළ පැහැති එළවළු සහ පලතුරු සහාය දැක්වීම මෙයට හේතුවයි.

ඇමරිකාවේ මිනොපොලිස් හෘද රෝග ඒකකයේ වෛද්‍යවරුන් පිරිසක් වසර 20ක් පුරා මිනිසුන්ගේ,ආහාර රටා අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මෙම නිගමනය ඉදිරිපත් කර තිබෙනවා. මෙහිදී ඔවුන් පෙන්වා දෙන වැදගත්ම කරුණ වන්නේ උපතේ සිට පළමු අවුරුදු 20 තුළ කොළපාට එළවළු සහ පලතුරු ආහාරයට ගැනීමෙන් හෘද රෝග වලින් ආරක්ෂා විය හැකි බවයි. එයට හේතුව වන්නේද පෙර සඳහන් කළ ධමනි ශක්තිමත්වීම සහ රුධිර ගමනය ක‍්‍රමවත් වීමයි.
බැදපු ආහාර,සොසේජස් ආදිය ආහාරයට ගැනීමෙන් කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරන අතර හෘද රෝග අවදානම ඉහළ දමනවා. එබැවින් කොළපාට එළවළු හා පලතුරු වැඩියෙන් ආහාරයට ගැනීම සෞඛය සම්පන්න බව මෙම පර්යේෂකයින් පෙන්වා දෙනවා.
Post a Comment