හැමදාම මේකෙන් හැදී දෙකක් බිව්වොත් ඔයාට කවදාවත් ෆාමසි වලින් බෙහෙත් ගන්න ඕනේ වෙන එකක් නෑ

අපිට නිතර නිතර හැදෙන ලෙඩක් තමයි උණ සෙම්ප‍්‍රතිශ්‍යාව කියන්නේ. ඇත්තටම සෙම්ප‍්‍රතිශ්‍යාව ගත්තම එකේ වර්ග විශාල ගණනක් තිබෙනවා. ඉතින් එකම මාසයක් තුල උනත් අපිට දෙපාරක් තුන්පාරක් මේ ලෙඬේ හැදෙන්නත් පුළුවන්. මේ විදියට අපිව ලෙඩ වෙන්න හේතුව තමයි ඇගේ ප‍්‍රතිශක්තිය අඩු කම. ඔබත් මෙවැනි පොඩි පොඩි ලෙඩ වලට නිතර නිතර ගොදුරු වෙන කෙනෙක් නම් අද  කියල දෙන දේ ගොඩාක් වැදගත් වේවි. ඔයාගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතියේ ක‍්‍රියාශීලීත්වය වැඩි කිරීමට සමත් සුවිශේෂී ඖෂධයක් නිවසේදීම පහසුවෙන් හදන හැටි අද කියල දෙන්නම්.
මේ සඳහා ඔබට අවශ්‍ය වෙන්නේ
  • මධ්‍යම ප‍්‍රමාණයේ ඉගුරු කෑල්ලක්
  • ලෙමන් ගෙඩි දෙකක්
  • පිරිසිදු මී පැණි 500ට ක්
මුලින්ම ලෙමන් ගෙඩි දෙක සෝදලා කුඩා කොටස් වලට කපල විදුරු ජෝගුවකට දාගන්න. ඒකටම ලෙල්ල ඉවත්කරගත්ත ඉගුරු කැබැල්ලත් දාන්න. අවසානයේ මී පැණි ටික එකතු කරගන්න. විදුරු ජෝගුව පිරෙන්නම මේ දේවල් දා ගන්න එපා. පොඩි ඉඩක් තියන්න. මේ මිශ‍්‍රනය දවසක් විතර තියෙන්න අරින්න.
ඊට පස්සේ හොදින් මුඩිය වැසිය හැකි විදුරු ජෝගුවක් අරන් මේ මිශ‍්‍රනය එකට මාරු කර ගන්න. මාස එකත් දෙකත් අතර කාලයක් ශීතකරණයේ තබන්න.
මේ විදිහට තියගත්තාම එක ජෙලි එකක් වගේ වෙනවා. අවශ්‍ය නම් උණුසුම් වතුර ටිකක් එකතු කරල මේක දියාරු කරගන්නත් පුළුවන්.
මේ විදිහට සකස් කරගත්ත ගත්ත පානය වැඩිහිටියෙක් සඳහා දවසකට මේස හැඳි දෙකක්ද , කුඩා ළමයෙකු සඳහා මේස හැඳි 1 ත් 2ත් අතර ප්රමාණය බැගින්ද පානය කරන්න. මේක අත්හදා බැලූවොත් ප‍්‍රථිපල ඔයාටම බලාගන්න පුළුවන්.
මෙමගින් සාර්ථකව ඔයාගේ ශරීරයේ ප‍්‍රතිශක්තිය වැඩි කරනවා. එවිට ඔබ උණ සෙම්ප‍්‍රතිශ්‍යාව වැනි පොඩි පොඩි ලෙඩ රෝග වලින් ආරක්ෂිතයි. බෙහෙත් ගන්න ෆාමසි වලට නිරපරාදේ ගෙවන මුදලූත් ඉතුරු වෙනවා. සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ගත කරන්න ලැබෙනවා.

No comments