වකුගඩු රෝගය පිළිබද ඔබ තවමත් බියෙන් සිටීද? මෙන්න ඒ සදහා හොදම පිළියම්

වකුගඩු රෝගය සදහා කල් වෙලා ඇතිව රෝග ලක්ෂණ හදුනා ගත හැකි නම් එම රෝගයට නිසි ප‍්‍රතිකාර ලබා දිය හැක. සාමාන්‍යයෙන් වකුගඩු රෝගයේදී රෝගය උත්සන්න වීමට කලකට පෙර රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. එම තත්ව හදුනා ගෙන නිසි ප‍්‍රතිකාර කළ හැකි නම් රෝගයේ මූලික අවදියේදීම එය සුව කර ගත හැක. මෙහිදී පැන නගින ගැටලූව වනුයේ රෝගයේ මුලික අවදියේදී පෙන්නුම් කරන රෝග ලක්ෂණ වෙනත් රෝග වලදී පෙන්නුම් කරනු ලබන රෝග ලක්ෂන වලට බොහෝ දුරට සමාන වීමය. එහෙයින් බොහෝ දෙනා වෙනත් රෝග යයි වරදවා වැටහා ගනී.

අප දැන් හදුනා ගනිමු වකුගඩු රෝගයකදී ඇතිවන රෝගී ලක්ෂණ

1. දේහයේ පසුපස පහල උකුල් ප‍්‍රදේශයේ ඇතිවන වේදනාව -
මෙම තත්වය ඉතා බරපතලය. බොහෝ විට ඔබ නිදා සිටින විට පහලට ඇලවී තිබෙන පැත්තෙහි මෙලෙස වේදනාවක් ඇති වේ නම් එය බොහෝ විට ඔබගේ වකුගඩු වලට හානී වීමක් ය. සමහර විට ඔබට මුත‍්‍රා යන විට ද මෙලෙස වේදනාවක් ඇති විය හැක. කාලයත් සමග මෙම වේදනාව ක‍්‍රමක් ක‍්‍රමයෙන් වැඩි විය හැක.

2. සමෙහි ඇතිවන රෝගාකාරී තත්වය - 
වකුගඩු අක‍්‍රිය වීමකදී පොදුවේ දක්නට ලැබෙන ලක්ෂණයකි සම වියලීයාම සහ කැසීම. ඔබ දන්නෙහිද ඔබගේ ශරීරයේ පවතින විෂ ද‍්‍රව්‍ය දේහයෙන් ඉවත් කිරීමේ ක‍්‍රියාවලියේ පුරෝගාමියා විදියට කටයුතු කරනු ලබන්නේ වකුගඩුව කියා. එම නිසා වකුගඩු නිසිආකරව ක‍්‍රියාත්මක නොවුව හොත් එම විෂ ද‍්‍රව්‍ය දේහයේ සම හරහා දාඩියත් එක්ක ඉවත් විය හැක. එවිට සම මතුපිට කුෂ්ට වැනි සමෙහි රෝග මතුවිය හැක.

3. දේහයේ විවිධ කොටස් ඉදිමීම - 
කලින් පැහැදිලි කලා සේ වකුගඩු වලින් නිසි ආකාරව විෂ ද‍්‍රව්‍ය දේහයෙන් ඉවත් නොකළහොත් එම ද‍්‍රව්‍ය දේහයේ විවිධ කොටස් වල තැන්පත් වේ. මෙහි අවසාන ප‍්‍රතිපලය වනුයේ එම කොටස් ඉදිමුමකට ලක් වීමයි.

4. මුත‍්‍රා වල වර්ණය - මෙයද සැලකිලිමත් විය යුතු කරුණකි. වකුගඩු අක‍්‍රියවීමත් සමගම මුත‍්‍රා වල වර්ණය වෙනස් වේ. මුත‍්‍රා වල වර්ණය වෙනස් වීමට අමතරව මුත‍්‍රා පෙණ සහිතව සහ වෙනදාට වඩා සාන්ද‍්‍ර ගතියකින් යුක්ත වෙයි. මෙම රෝගී ලක්ෂණය සැල වුනු වහාම හැකි ඉක්මනින් වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගන්න.

5. ඇනීමියා නම් රෝගී තත්වය මෙහෙදී මතුවිය හැකි අනික් රෝගී ලක්ෂණය වේ.

බොහෝ පර්යේෂණ වලින් සොයාගෙන ඇති ආකාරයට අප විසින් අනුභව කරනු ලබන ආහාර වල පවතින කැඞ්මියම් නමැති මුලද‍්‍රව්‍ය වකුගඩු අක‍්‍රීයතාවය සදහා බෙහෙවින් බලපානු ලැබේ. මෙම රෝගී තත්වයට ලබා දිය හැකි හොදම ප‍්‍රතිකාරය වනුයේ මෙම තත්වය අතිවීමට හේතුවන සාධක මර්දනය කිරීමයි. මෙහි දී කැඞ්මියම් දේහයට ඇතුල් විය හැකි දුම්බොන ස්ථාන වලින් සහ කැඞ්මියම් භාවිතා කරන කර්මාන්තශාලා වලින් ඇත්වීම ගත හැකි එක් පිළියමකි. ඊට අමතරව දිනපතා ව්‍යායාම වල යෙදීමෙන් සහ කොළ පැහැති ආහාර මැනෙවින් පවතින පෝෂදායි ආහාර වේලක් අනුභවය මගින් දේහයේ හොද ප‍්‍රතිශක්තිකරණ පද්ධතියක් පවත්වා ගැනීම හරහා මෙම වකුගඩු රෝගය ඇතිව වීම වලක්වා ගත හැක.

No comments