සතියකින් රෝස මලක් වගේ මුහුණ ලස්සන වෙනවා. එයට ඔබගේ මුහුණේ තරුණ පෙනුම වැඩි කරන්න පුළුවන්
කාන්තාවන් විදියට ඔබ හැමදාම තරුණ පෙනුම තියා ගන්න කැමතියි.විශේෂයෙන්ම උදේ නැගිට්ට වෙලේ ඉඳන් කැඩපතින් මුහුණ බැලීම පුරුද්දක් විදියට කරන බව හැමෝම දන්නා පොදු කාරණාවක්.ඔබේ මුහුණේ පෙනුම දවසින් දවස වයසට යන බවක් පෙනෙනවා කියල හිතෙනවද?ලංකා වීඩියෝ සෝන් වෙත ලැබුණු වාර්තාවකට අනුව කාන්තාවන් වයසට යාමත් සමගම වේගයෙන් නළලේ හා ඇස් අගිස්සේ සම රැළි වැටෙනවා.එය ඉතාමත් අවලස්සනක් මුහුණට එකතු කරනවා.කාන්තාවන් මහත් අපහසුතාවයට පත්වන කරුණක් ලෙස මෙය දක්වන්න පුළුවන්.
මුහුණට ඇතිවන මෙවැනි අවලස්සන දේවල් කාන්තා ඔබ ශාරීරිකව හා මානසිකව ඇද වැටෙන්නට හේතුවක් වී ඇති බව කරන ලද අධ්‍යයන වලින් හෙළි වී තිබෙනවා.අපට ඔබගේ මුහුණේ තරුණ පෙනුම ලබාදීමට කාලය ආපසු හරවන්න බැහැ.නමුත් පෙර මෙන්ම රෝස මලක් වගේ ලස්සන මුහුණක් ඔබට ලබා දෙන්න උදව් කරන්න පුළුවන්.ලංකා වීඩියෝ සෝන් අපි ඔබට කියන්නම් අතිශයින්ම ස්වාභාවික ආකාරයෙන් මුහුණේ කරදරකාරී රැලි වලින් මිදී සදහටම තරුණ පෙනුමකින් රැඳී සිටීමට පහසු සරල හා අතිශයින්ම ඵලදායී ක‍්‍රමයක්.
මෙම ලිපියෙන් ලංකා වීඩියෝ සෝන් අපි ඔබගේ නිවසේ තිබෙන අමුද‍්‍රව්‍ය 2ක් භාවිතා කර සාදා ගන්නා ආලේපනයක් පෙන්වා දෙනවා. මී පැණි හා කිරි මේ වන විටත් ඔබේ මුළුතැන්ගෙයි තිබෙන නිසා ඔබට ඉතා පහසුවෙන් එය සාදා ගත හැකියි.
මී පැණි ලස්සන සමක් සඳහා වඩාත් ඵලදායි පුරාණ පිළියමක් බව ඔබ හොඳාකාරවම දන්නවා ඇති.සමෙහි ඇතිවන රැුළි ඉවත් කිරීමටත් එය උපකාරී වනවා.ඔබට ඒ සඳහා රැුළි ඇති ස්ථාන වලට මී පැණි හා උණුවතුර ටිකක් මිශ‍්‍ර කර ආලේප කර ටිකක් පිරිමැද විනාඩි 20 ක් හෝ 30 ක් පමණ තබා උණුවතුරෙන් සෝදා හැරීම කල යුතුයි.එසේ නැත්නම් පහත සඳහන් ආලේපය භාවිතා කිරීම මගිිනුත් ඔබගේ මුහුණේ රැළි ඉවත් කිරීම කල හැකියි.
අවශ්‍ය අමුද‍්‍රව්‍ය
කිරිපිටි තේ හැඳි 4
මී පැණි තේ හැඳි 2
උණුවතුර තේ හැඳි 2
කුඩා තුවායක්
සාදන ආකාරය
කිරිපිටි හා මි පැණි කලවම් කර එය තලපයක් ලෙස සකසා ගැනීමට උණු වතුර සවල්පයක් මිශ‍්‍ර කරන්න.එය තලපයක් ලෙස සැදුණු පසු ඇස් හා කට ප‍්‍රදේශය අතහැර මුහුණේ ආලේප කරන්න.කුඩා තුවායක් උණුවතුරේ පොගවා එය ඉවතට මිරිකා උණුසුම තුවාය මුහුණ මත තබන්න.විනාඩි 10 ක් එසේ තිබෙන්නට හැර එම තුවායෙන්ම මුහුණ සෙමින් පිරිසිඳු කරන්න. පසුව උණුවතුරෙන් සෝදන්න.
මෙය සතියකට වතාවක් කරන්න.පළමු භාවිතයෙන්ම ඔබට ඇදහිය නොහැකි ප‍්‍රතිඵලයක් ලැබී තිබෙනවා දකින්න පුළුවන් වේවි.රැළි නැති සුමුදු නිරෝගිමත් සමක් ඔබට ලැබෙන බව සහතිකයි.එක සැරයක් අනිවාර්යෙන් උත්සාහ කර බලන්න ලස්සන තරුණ පෙනුමක් ලබා ගන්න රෝස මලක් වගේ මුහුණ තියා ගන්න මෙය කදිම ක‍්‍රමයක් බවට ඔබට කිව යුතුයි.
ඔබගේ පෙනුම අනෙක් අයටත් ලබා දෙන්න මෙය මිතුරන් අතරේ ශෙයාර් කරන්න අමතක කරන්න එපා.

Post a Comment