සීග‍්‍රයෙන් කෙස් වවන බියර් වලින් හදන විස්මිත බෙහෙතක් - තට්ටය පැදි ඇති අයට ගොඩක් වැදගත් වේවි
හිස කේ ගැලවී යාම කියන්නේ ගැනු පිරිමි කියලා භේදයක් නැතුව අද සමාජයේ ගොඩක් දෙනෙක්ට මුහුණ පාන ලොකු ප‍්‍රශනයක්. මේ නිසා ගොඩක් දෙනා මානසිකව විදවනවා. අවසානයේ හිස් කේ ගැලවී යාම නිසා තට්ටය පැදි ගෙන එන කොට තත්වය ඊටත් වඩා නරක වෙනවා. ඒ වගේම කොන්ඬේ ගැලවී යාමට පිළියම් වශයෙන් වෙලදපොලේ තියෙන විවිධ ආලේපන වල අහිතකර රසායනික ද‍්‍රව්‍ය අඩංගු වෙනවා. ඒමගින් හිස කේ දුර්වර්ණ වීම හා හිස කේ ගැලවී යාම තව තවත් වැඩි කරමින් ප‍්‍රශ්නය තවත් උග‍්‍ර කරනවා. හිසකෙස් වැඩිම ප‍්‍රමාද අයට සහ හිස කේ ගැලවී යන අයට විස්මිත රහස් වට්ටෝරුවක් අද ඔයාලාට කියලා දෙන්නම්.
මේ සදහා ඔබට අවශ්‍ය ද‍්‍රව්‍ය වන්නේ
* සාමාන්‍ය ප‍්‍රමාණයේ කෙසෙල් ගෙඩියක්
* මී පැණි මේස හැන්දක්
* බිත්තරයක්
* බියර් කෝප්ප භාගයක් (ඩාර්ක් බියර් වඩාත් සුදුසුයි)
තනා ගන්නා ආකාරය සහ භාවිතය
මේ අමුද‍්‍රව්‍ය සියල්ල එකට මිශ‍්‍ර කර හොඳින් හොදින් බ්ලෙන්ඩර් කර ගන්න.
ඉන්පසු මේ මිශ‍්‍රණය හිසේ ගල්වා තට්ටයට වඩින සේ හොදින් විනාඩි කිහිපයක් හොදින් සම්බාහනය කරන්න. පසුව පොලිතින් බෑගයකින් හිස හොඳින් ආවරණය කරගෙන පැයක්, පැය දෙකක් තබා හිස කේ හොඳින් සෝදන්න.
මෙම මිශ‍්‍රණය සතියකට වරක් භාවිතා කිරීම ප‍්‍රමාණවත්
දැන් අපි බලමු මේ සදහා අපි යොදා ගත්තු අමුද‍්‍රව්‍ය වල ගුණ
කෙසෙල් - වියලි හිස කේ සජලනව පවත්වාගෙන යාමට මෙන්ම කෙස් වැටීම නවතා යලි වේගයෙන් කෙස් වැවීමට අවශ්‍ය පෝෂණ සංගටක රාශියක් කෙසෙල් වල ඇතුලත් වෙනවා.
මී පැණි - මී පැණි වල අඩංගු විටමින් E, K, C, B1, B2 සහ B5 හිස කෙස් වර්ධනයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රැසක් ලබා දෙයි.
බිත්තර - බිත්තර වල අඩංගු මේදය සහ ප්‍රෝටීන් හිස කේ වලට අවශ්‍ය පෝෂණය ලබා දෙමින් හිස කේ දීප්තිමත් කර වර්ධනය වේගවත් කරවයි.
බියර් - බියර් වල අඩංගු යිස්ට්, බී කාණ්ඩයේ විටමින් වර්ග, මෝල්ට් සහ බිර මල් හිස කේ වර්ධනයට උදව් කරන අතර එහි අඩංගු යකඩ, පොටෑසියම්, මැග්නීසියම්, පොස්පරස් සහ කොපර් හිස කේ ශක්තිමත් කරවන පෝෂක කොටස් වේ.
Post a Comment