ගැස්ට්‍රයිටිස් රෝගය අනිවාර්යයෙන් සුව කරන සාර්ථකම බෙහෙත දියබත හදලා කාලා බලන්න

පාරම්පරික ගැමි ජීවන රටාවත් එක්ක බැදුණු ආහාර රටාව අපෙන් ගිලිහුනු දවසේ ඉදලම අපිට ඉතිං නොයකුත් ලෙඩ රෝගම තමයි. මව් කුසෙන් එළියට එන්නත් ඉස්සෙල්ලා ඉදලම බෙහෙත් ගොනියක් විතර මැරේණකම්ම ගන්නවා. කටින්ම කිව්වොත් බෙහෙත් ඔරුවකම තමයි බැහිලා ඉන්න වෙන්නේ මෙි තියන ලේඩ කන්දරාවෙන් බෙරේනන නම්. එහෙම නේද?


මෙන්න මේ ලෙඩ රෝග අතරින් අද සමාජයේ බොහො දෙනකුට තියන ලොකුම පුරස්ණයක් තමයි අම්ලපිත්ත රෝගය. එහෙමත් නැතිනම් අපි කවුරුත් දන්නා පරිදි ගැස්ට‍්‍රයිටිස් කියන්නේත්‍ව මේ සදහා ඉතාමත්ම ගුණදෙන ඒ වගේම ඔබට පහසුවෙන්ම සාදාගත හැකි ඖෂදයක් තමයි දියබත. දියබත කියන්නේ පාරම්පාරික ගැමි දිවිය එක්ක ඉතා අනාදිමත් කාලයක ඉඳලා බැඳිලා තියන කෑමක්. තදින්ම ගැස්ට‍්‍රයිටිස් තියන කෙනෙක් දවස් 7ක් දියබත් කෑවොත් අනිවාර්යෙන්ම සුවවෙනවා. අත්දුටුවයි -සත්තයි

දියබතේ ගුණ
1. කටතොල් පැලෙන අයට ඉතාමත් ගුණදායක ඔසුවකි.
2. ගැස්ට‍්‍රයිටීස් නම් අම්ල පිත්තයට ඉතාමත් ගුණදායකයි.
3. ශරීරයේ ඇතිවන දැවිලි ගතිය පහ වීමට.
4. මෙය ඉතාමත් පෝෂ්‍යදායක ඔසුවක් වැනි ආහාරයක් නිසා යෙ◌වන වයසේ සිටින දරුවන්ට වඩාත් ගුණදායකයි.
5. බඬේ තුවාල ඇති අයට ඉතා ප‍්‍රත්‍යක්ෂ ඔසුවකි.
දියබතට අවශ්‍ය වට්ටෝරුව
- රාත‍්‍රියේ උයා ඉතිරි උන බත් ටිකක් (කැකුළු සහල් නම් වඩාත් හොදයි)
- ලියාගත් රතු ළුුණු ගෙඩි 5 – 6 ක්
- අමුමිරිස් කරල් 3 – 4 ක් පමණ
- පොල් බෑයක කිරි
- දෙහි බෑවක ඇඹුල්
- ලූණු ස්වල්පයක්
- උම්බලකඩ 20 ට පමණ
සකස් කරන අන්දම
පෙරදින රාත‍්‍රී ආහාරය සඳහා මැටි හැලියක පිසූ බත් ප‍්‍රමාණයකට බත් ටික වැසෙන ප‍්‍රමාණයට වතුර දමා නෑබිලියකින් වසා රැය පහන් වනතෙක් තැබිය යුතුයි. (වෙනත් භාජනයක වුවත් කම් නැත. නමුත් හැකි හැම විටම මැටි භාජන පාවිච්චි කරන්න)
පසුදා උදෑසනින්ම අවදිවෙලා දිය බත මෙන්න මෙහෙම හදන්න
කපා ගත්ත රතුළුණු, අමු මිරිස් ටික අර වතුර දාපු බත් එකට දාන්න. එකේ තියන වතුර ඉවත් කරන්න එපා දැන් මේකට අවශ්‍ය තරම් ලූණු දමන්න. බත් එකටත් ලූණු දාලනම් උයලා තියෙන්නේ ලූණු ටිකක් විතර දාන්න. උම්බලකඩත් කුඩාවට තලාගෙන එකතු කරගන්න. ඉන්පසු නෑබිලියකට දමා පොල්කටු හැන්දෙන් හොඳින් පොඩි කර ගන්නත්‍ව ඉන් පසුව මේකට පොල්කිරි ටික එකතුකරන්න දෙහි ඇඹුල් අවශ්‍ය තරමට මිරිකන්න රස අනුව ඔන්න දැන් වැඬේ ඉවරයි උදේ ආහාරයට ගත හැකියි. ලේසියි, පාසුයි, වියදම අඩුයි නේද ?
ඔබට ගැස්ට‍්‍රයිටිස් තත්වය ගොඩක්ම වැඩියි නම් කිතුල් හකුරු එක්කරගන්නත් පුළුවන් එහෙ නම් කාල බලලා රසගුණ අගුණ කියන්න

No comments