දිවුල් වලින් නිරෝගී වෙන හැටි, ලස්සන වෙන හැටි මෙන්න

දිවුල් කියන්නේ, අපි ගොඩක් අයගේ ප්‍රියතම පළතුරක්/බීමක් නේද? ලංකාවේ අපිටනම් දිවුල් හොයා ගන්නත් අමාරු නෑ නේ. කොච්චර දිවුල් බීවත්, ගොඩක් අය මේ පළතුරේ තියෙන ගුණය ගැන දන්නේ නෑ. දිවුල් කියන්නේ කැල්සියම්, ප්‍රොස්පරස්, යකඩ සහ විටමින් A, B සහ C වලින් පොහොසත් පළතුරක්. අපි ලස්සන වෙන්න try කරනවා වගේම නිරෝගිව ඉන්නත් ඕනිනේ. ඉතින් අපි අද බලමු මොනවද ඔයාලාට ලැබෙන වාසි දිවුල් කෑවොත්, බීවොත් කියල. 
01. දිවුල් ආහාර දිරවීම පහසු කරයි. 

02. රුධිරය හොදින් පිරිසිදු කරන පලතුරකි - දිවුල් 50mg ක් සීනි සහ වතුර සමඟ mix කරලා බීමෙන් වුනත් ඔයාගේ ලේ ගොඩක් පිරිසිදු වෙනවලු. 

03. ශ්වසන ප්‍රශ්න වලින් වැළකිය හැක - දිවුල් කොළ මේ සදහා ගොඩක් උදව් වෙනවා. 

04. ශක්තිජනක පානයක් - දිවුල් 100g කින් කැලරි 140ක් ලැබෙනවා. ඉතින් ඔයාගේ ඇඟේ පරිවෘත්තී ක්‍රියා වලට මේ ප්‍රෝටීන් බහුල දිවුල් ගොඩක් වැදගත්. 

05. වකුගඩු හොදින් පවත්වා ගන්න උපකාරී වේ - වකුගඩු අමාරු තියෙන අය දිවුල් දිනපතා ආහාරයට එක් කර ගැනීම ගොඩක් හොදයි. 

06. අක්මාව නිරෝගිව තබා ගන්නට උපකාරී වේ - Thiamine සහ Riboflavin කියන්නේ අක්මාව නිරෝගිව තබා ගන්න ගොඩක් help වෙන 2ක්. මේ පෝෂණ දෙකම දිවුල් වල තියෙනවා. 

07. ආයුර්වේද බෙහෙත් වලට අනුව, දිවුල් හොද ඔසුවක්ලු සර්පයන් දෂ්ට කරපුවාම රෝගීන්ව සුව කරනට. 

08. කොලේස්ට්‍රෝල් පාලනයට හොද පළතුරක්. 

09. දිවුල් විටමින් A, B සහ C වලින් සමන්විත නිසා, සමේ පැහැය වැඩි වෙන්නත් help කරනවා. 


ඉතින්, මේ වෙනකන් ඔයාලා දිවුල් වල ගුණය ගැන නොදැන හිටියා නම්, මෙන්න හොඳ chance එකක් දිවුල් වලින් නිරෝගී වෙන්නත්, ලස්සන වෙන්නත්.

No comments