ඇය මාස 18 ක් තුල කිලෝ 89කින් බර අඩු කරගත්තා - ඇය වෙනස් කලේ ආහාර වේලේ විතරයි

අපි අද කියන්න යන්නේ තරුණ කාන්තාවක් ගැන ඔයාට විශ්වාස කරන්නත් අපහසු ඇත්ත කතාවක්. මීට අවරුදු දෙකකට කලින් ඇයගේ බර 150KG කට වඩා වැඩිවෙලයි තිබුනේ. ඇය වයස අවරුදු 17දී තමයි ගැබ්ගත්තේ. එදා ඉඳන් ඇය කිසිම පාලනයක් නැතුව ආහාර ගන්න පටන් ගත්තා. ඉතින් ඇය පිලිබදව වෛද්‍ය වරුන් 30 දෙනකුගේ පමණ අදහස උනේ මේ විදිහට දිගටම පාලනයක් නැතුව ආහාර ගත්තොත් ඇය තව අවුරුද්දකට වඩා ජිවත් වෙන එකක් නැහැ කියලා. ඉතින් ඇය තේරුම්ගත්තා මම මේ කරන්නේ මගේ වටිනා ජීවිතය තමන් විසින්ම නැතිකරගන්න එක නේද කියලා.

ඊට පස්සේ ඇය ඇගෙ සම්පුර්ණ ජීවන රටාවම වෙනස් කරා. පිසින ලද පෝෂ්යදායි ආහාර සහ බීම වර්ග පමණක් ආහාරයට ගන්න ඇය පුරුදු උනා. මාස 18ක් වගේ කාලයක් ඇතුලත ඇයට පුළුවන් උනා. කාබොහයිඞ්රේට එහෙම නැත්නම් පිෂ්ඨය සහ සීනි අඩංගු ආහාර සම්පුර්ණයෙන්ම කන එක නවත්තල කිලෝ 89කින් ශරීර බර අඩු කරගන්න. මොකක්ද ඇත්තටම ඇය අනුගමනය කල ආහාර වට්ටෝරුව. මේ තියෙන්නේ ඇගේ දෛනික ආහාර වේල.

උදේ ආහාරය - බිත්තර දෙකයි, හතු, තක්කාලි සහ කුඩා මස් කෑල්ලක්.

දිවා ආහාරය - පිලිස්සු හෝ තැම්බු අල සමග මිරිස් සහ කුඩා මස් කෑල්ලක්.

අමතර ස්නැක් ලෙස - යෝගට් සමග පලතුරු.

රාති‍්‍ර ආහාරය - spaghetti (පාස්තා වර්ගයක්) සමග චීස් සහ තක්කාලි සෝර්ස්.

වයස අවරුදු 30දී ඇගේ අධික බරත් එක්ක කොන්දේ වේදනාවක් ඇතිඋන නිසා ඇවිදගන්නත් බැරි උනා. නමුත් දැන් ඇය වසරේ කාන්තාව ලෙස ඇමෙරිකාවේ ස්ථුලතාවය සඳහා ප්රතිකාර කරන මධ්‍යස්ථානයකින් සම්මානයකුත් දිනාගෙන. ඇගේ අධික බර දැන් නැතිවෙලා සාමාන්ය පරිදි සිය කටයුතු කරගනිමින් සාර්ථක ජිවිතයක් ගතකරනවා.

මේ කතාව කියවපු ඔයාත් ඔයාගේ ජිවිතයට වටිනා ආදර්ශයක් ගත්තනම් අපේ බලාපොරොත්තුවත් ඉටුවෙලා. සිහින පස්සේ හබා යන්න. ඔයාගේ ජීවිතයත් සාර්ථක කරගන්න අදම වෙනස් විදිහට ජීවිතය දකින්න ආරාධනා කරනවා.

No comments