දරුපල නැති අම්මලාට දරුවන් ලබන්න 100% සාර්ථක ඉපැරණි රහස් ඛෙහෙත් වට්ටෝරුවක්


පහලින් අපිව subscribe කරන්න



විවාහක යුවළකගේ එකම ප්‍රාර්ථනය වනුයේ නිරෝගී දරුවන් බිහි කිරීමයි. නමුත් අද වන විට සමාජයේ බොහෝ දෙනකුට ඇති විශාලම ගැටලුව වන්නේ දරුපල ප්‍රමාදය සහ දරුවන් නොලැබී යෑමයි. මේ සදහා කළහැකි ප්‍රතිකර්ම රාශියක් තියෙනවා. ආගමික අතින් කල යුතු ප්‍රතිකර්ම ඔබ අනිවාර්යයෙන් කල යුතුයි. ඊට අමතරව ස්ත්‍රීන්ගේ වඳ භාවය නැති කිරීමට හෙළ වෙදකමේ ද ප්‍රතිකර්ම තිඛෙනවා.

මහනුග ලෙස හඳුන්වන නුග වෘක්ෂයට ලංකාවේ හිමිවන්නේ ගෞරවාන්විත ස්ථානයක්. අපේ රටේ වගේම ඉන්දියාවේත් පූජනීය වෘක්‍ෂයක් ලෙස සලකන නුග වෘක්‍ෂය ඉන්දියාවේ ජාතික වෘක්‍ෂය ලෙසත් හඳුන්වනවා. අටවිසි බෝධි වෘක්‍ෂයන්ගෙන් එකක් වන නුග වෘක්‍ෂය කස්සප බුදු හිමි පිට දුන් බෝධිය ලෙසත් සඳහන්. 

නුග ගසේ සැම කොටසක්ම වගේ විවිධ රෝග වලට සුව දෙන ඔසු හදන්න යොදා ගන්නවා. නමුත් සියල්ල පසෙක ලා නුග ගස ආධාරයෙන් දරුවන් නොමැති කාන්තාවන්ට ඉක්මනින් දරුවන් ලබන්න ප්‍රතිකාරයක් කර ගන්න හැටි අද විශ්ම ලෝකයෙන් කතා කරමු. මේ සදහා අපි යොදා ගන්නේ නුග ගස්වල ළපටි මුල්. හරි අපි දැන් මේ ඛෙහෙත හදන හැටි බලමු.

නුග ගසේ ළපටි මුල් කැබැලි කිහිපයක් වියළා ගන්න 

ඉන්පසු හොඳින් කුඩුකර ගන්න 

සුළං නොවදින ඇසුරුමකට දමා ගන්න 

දැන් මේ නුග මුල් කුඩු තේ හැන්දක් එළකිරි වීදුරුවකට දමා රාත්‍රියට පානය කරන්න. 

දිනපතා රාත්‍රි 3ක් මේ ක්‍රියාවලිය කිරීමෙන් ස්ත්‍රී වන්ධ්‍යභාවය නැති කර සාර්ථක දරු උපතක් ලබන්නට පුළුවන්.

මෙය ඉපැරැණි ග්‍රන්ථවලත් සඳහන් ඉතා සාර්ථක ප්‍රතිකර්මයක්. මෙහිදී විශේෂයෙන්ම මතක තබා ගත යුතු දෙයක් තිඛෙනවා. ඒ තමයි මාස්ශුද්ධිය අවසන් වී සතියක් ගිය පසු මේ ඖෂධීය ප්‍රතිකාර පානය ගැනීම ඉතාම වැදගත්.

ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී එස්.කේ.එම්.කේ. හැරපත්දෙණිය මහත්මිය 

No comments