අල්ලේ රේඛා වලින් ඔබේ අනාගත ආදරය හා විවාහය ගැන කියවෙන්නේ මෙහෙමයි


පහලින් අපිව subscribe කරන්න


සාස්තර කියන කෙනෙකුට අත පෙන්නලා සාස්තරයක් අහන්න අකමැති කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කිව්වොත් එක බොරු කතාවක්.  ඕනේ කෙනෙක් පොඩියට හරි ආසයි තමුන්ගේ අනාගතය ගැන කියවෙන දේවල් අහන්න. හස්ත ශාස්ත‍්‍ර විද්‍යාව කියන්නේ අතීතයේ පටන් එන අසත්‍ය යැයි එකවර කිසිවෙකුට බැහැර කල නොහැකි තරම් වූ ගැඹුරු විද්‍යාවක්. අද ඔබට කියලා දෙන්නේ ඔබේ අත් දිහා බලලා ඔබට අනාගතයේදී හමුවෙන ආදරවන්තයා හෝ ආදරවන්තිය හා විවාහය ගැන හරියටම දැන ගන්නේ කොහොමද කියලා.



ඔබේ අත් වල ඇගිලි වලට යටින් දකින්නට ලැබෙන පළමු රේඛාව තමයි අපි මෙතනදී පිරික්සන්නේ. ඇත්තටම මේ රේඛාවට හස්ත ශාස්ත‍්‍ර වේදීන් කියන්නේ Line of Marrige කියලා. සිංහලෙන් කිව්වොත් විවාහයේ රේඛාව. මේ රේඛා දෙක අත් දෙකේම පිහිටන ආකාරය එක වර නිරීක්ෂණය කිරීම මගින් ඔබේ අනාගත සහකාරිය හෝ සහකාරිය ගැන වගේම විවාහය ගැනත් හරියටම කියන්න පුළුවන්.




සමාන උසින් පිහිටන්නේ නම්
ඔබේ අත් දෙක එකට තැබූ විට විවාහ රේඛා දෙක ඉහත අංක එක අවස්තාවේ පරිදි සමාන උසින් පිහිටන්නේ නම් එමගින් ඔබ ගැන හා ඔබේ අනාගත ආදරය / විවාහය ගැන කියවෙන්නේ මෙහෙමයි.  ඔබට ලැබෙන අනාගත සහකරු හෝ සහකාරිය බොහොම මෘදු ගති ගුණ තියෙන කෙනෙක්. ඒ වගේම පුංචි දේටත් ගොඩක් සංවේදී වෙන හිතක් තමයි ඒයාට තියෙන්නේ. ඔහුට හෝ ඇයට උප්පතියෙන්ම පිහිටපු බොහොම හොද ගති ගුණයක් තියෙනවා. 

ඒ තමයි Common Sense එක. ඔහුට හෝ ඇයට හොද Common Sense එකක් තියෙනවා. ඒ කියන්නේ  ඕනේ දෙයක් පට ගලා තේරුම් ගන්න අල්ල ගන්න පුළුවන් කෙනෙක්. කිසිම දෙයක් එකවර ප‍්‍රතික්ෂේප කරන කෙනෙකුත් නෙවෙයි. ඔන්න දැන් කියන්න යන්නේ ඔයාට ගොඩක් සතුටු හිතෙන දෙයක්. මේ විදියට ඔබේ අල්ලේ විවාහ රේඛා දෙක සමාන උසින් පිහිටන්නේ නම් ඔබට හිමි වන අනාගත සහකරු හෝ සහකාරියට ඔයාගේ පවුලේ නෑදෑයෝ වගේම යහළු මිත‍්‍රයෝ හැමොම අනුමැතිය දෙනවා. ඒ කියන්නේ ඔහු හෝ ඇය හැමෝගෙම හිත් දිනා ගන්න සමත් බොහොම ප‍්‍රිය මනාප කෙනෙක්. ඔබේ විවාහය හැමෝගෙම ආශිර්වාදය මත සිද්ධ වෙන එකක්.

දකුණේ රේඛාව උසින් පිහිටන්නේ නම්
ඔබේ අත් දෙක එකට තිබ්බාම දකුණු අතේ විවාහ රේඛාව උසින් පිහිටන්නේ නම් ඔබ ගොඩක්ම කැමති ඔබට වඩා වයසින් වැඩි කෙනෙක්ව කසාද බදින්න. ඒ කියන්නේ ඔබේ අනාගත සහකරු හෝ සහකාරිය බොහෝ වෙලාවට ඔබට වඩා ගොඩක් වයසින් වැඩි කෙනෙක් වේවි. එයාට පුළුවන් පුද්ගලයන් දැකපු ගමන් ඔවුන්ගේ අභ්‍යන්තරය තේරුම් ගන්න. ඔවුන් දැන් ඉන්න තත්වය තේරුම් ගන්න. ඔබේ අනාගත සහකරු හෝ සහකාරිය කිසිවිටෙකත් සමාජ සම්මතයන් වලට සීමා වෙලා වැඩ කරන කෙනෙක් නොවෙයි. හිතට හරියි කියලා හිතෙන  ඕනේ දෙයක් කව්රු මොනව කිව්වත් එයා කරනවා. කිසි දෙක හිත සැලෙන්නේ නෑ ලෙසියකින්. ඒ කියන්නේ බය අවධානම කියන දේ ගැවිලා වත් නෑ.

වම් අතේ රේඛාව උසින් පිහිටන්නේ නම්
වම් අතේ රේඛාව උසින් පිහිටන අයට මුණ ගැසෙන අනාගත සහකරුවා හෝ සහකාරිය බොහෝ වෙලාවට කඩවසම් ලස්සන කෙනෙක් වෙනවා. ඔහු හෝ ඇය ගොඩක් කලහකාරී කෙනෙක්. තේරෙන සිංහලෙන්ම කිව්වොත් ටිකක් විතර වලියට බර කෙනෙක්. ජිවිතයේ අභියෝග වලට මුහුණ දීමට එයා ගොඩක් කැමති කෙනෙක්. ඒ වගේම ඔබගේ අනාගත Love Bird ඔබත් එක්ක ටිකක් විතර සරාගී විදියට ආදරේ කරන්න තමයි ප‍්‍රිය කරන්නේ. ඔහු හෝ ඇය බොහෝ විට ඔබ යටතේ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් / ඔබ යටතේ සේවය කරන සේවකයෙක් හෝ විදේශ ජාතිකයෙක් වේවි.

ඔන්න එහෙනම් අනාවැකි කියල ඉවරයි. දැන් බලන්නකෝ ඔයාලගේ අත් දෙක එකට තියලා ඔයාලගේ අනගාත සහකරුවා හෝ සහකාරිය මොන වගේ කෙනෙක් වෙයි ද කියලා. ඒ වගෙම ඔබ දනටමත් කසාද බැදලා ඉන්න කෙනෙක් නම් ඔබට බලන්න පුළුවන් මේ කතාවේ ඇත්ත නැත්ත මේ දැන්ම.

1 comment: