දියවැඩියාවෙන් අත්මිදෙන්න. රණවරා ගසේ පස් පංගුවෙන් වටිනා බෙහෙතක් ගෙදරදීම හදාගන්න!
වසර 300 කට වඩා ඩ පැරැණි නවගමුවේ පාරම්පරික සිංහල වෙද පරපුරේ වෙද මාතාවක් වූ තලංගමහෙලේනා පෙරේරා මහත්මියගේ මිනිබිරිය වන චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය සර්වාංග රෝග සඳහාමෙන්ම දියවැඩියාව, පිළිකාව, ඇදුම සහ හතිය, අංශභාගය, ආතරයිටිස් යන රෝග සඳහා 100% ක දේශීයවූ ප්‍රතිකාරයක් හඳුන්වා දී ඇති වෛද්‍යවරියකි. විවිධ රෝගවලට ගෙදරදී ප්‍රතිකාර කර ගැනීම සඳහා ඉතාඅඩු මුදලක් වැය වන, ගෙදරදීම සාදා ගත හැකි ශාඛසාරමය ඖෂධ හඳුන්වාදීම අද පටන් මේ තීරය ඔස්සේඇය සිදු කරන්නීය. මෙම ආරම්භක ලිපිය දියවැඩියා රෝගය ගැන සාකච්ඡා කිරීමත්, ඒ සඳහා යොදා ගතහැකි සරල අත්දුටු ප්‍රතිකාරයක් හඳුන්වා දීමත් සිදු කෙරේ.
ප්රශ්නය - දියවැඩියාව කුමක් ද කියන එකත් ඒ පිළිබඳව ඔබ සතුව තිබෙන දත්ත සමූහයත් පැහැදිලි කළහැකිද?
පිළිතුර - දියවැඩියාව පිළිබඳ විවිධ වෛද්‍ය ක්‍රම අනුව අර්ථකතන කිහිපයක් තිබෙනවා. සිංහල වෙදකමේ,ඒ කියන්නේ ලංකාවට ආවේණික දේශීය වෙදකම තුළ දියවැඩියාව සුවපත් කිරීම සඳහා පාරිම්පරිකක්රමවේදයක් තිබෙනවා. මෙය ඖෂධීය ශාඛවල පස් පංගුව පදනම් කරගත් පාරම්පරික ප්‍රතිකාර ක්‍රමයක්.එය වසර දහස් ගණනක් තිස්සේ රෝගීන්ට කළ ප්‍රතිකාර ඇසුරෙන් ලබා ගත් අත්දැකීම් මත පදනම් වූක්රමයක්. ඊළඟට තිබෙනවා ඉන්දියාවේ ආයුර්වේදය. එය තුළ ශාක සාර ප්‍රතිකාර වගේම විවිධ රසායනිකද්‍රව්‍ය සහ ලෝහ වර්ග යොදාගෙන කරන රස බෙහෙත් තිබෙනවා. ඊළඟට තිබෙන්නේ ජර්මනියටආවේණික වූ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය. ඊළඟට ඉංග්‍රීසි ඇලොපති වෛද්‍ය ක්‍රමය තිබෙනවා. තවතිබෙනවා ඉන්දියාවේ සාම්ප්‍රදායික දෙමළ වෛද්‍ය ක්‍රමය වූ සිද්ධි ක්‍රමය. සිද්ධායුර්වේදය යන වෛද්‍යක්‍රමය බිහි වී ඇත්තේ මෙකී දෙමළ සිද්ධි ක්‍රමයත් ඉන්දියන් ආයුර්වේද ක්‍රමයත් එකතු වීමෙන්. මීටඅමතරව අරාබියට අයත් යුනානි වෛද්‍ය ක්‍රමයත් චීනයේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයත් තිබෙනවා. මාදන්නා හැටියට මේ ක්‍රම අතුරින් හෝමියෝපති සහ ඉංග්‍රීසි බෙහෙත් ක්‍රමවලට අනුව දියවැඩියාවකියන්නේ සුව කළ නොහැකි, එහෙත් පාලනය කළ හැකි රෝගයක්. සිංහල වෙදකම, ආයුර්වේදය, යුනානිවෙදකම, සිද්ධි වෙදකම සහ චීන වෙදකම පමණක් කියනවා. දියවැඩියා ඇතුළු රෝග බොහොමයක්නිට්ටාවටම සුවපත් කළ හැකියි කියලා. මේ තාක් කාලයක් කරන ලද පාරම්පරික සිංහල වෛද්‍ය ප්‍රතිකාරක්‍රම මගින් දියවැඩියාව ඇතුළු නිධන්ගත රෝග ගණනාවක්ම සුවපත් කළ හැකි බව මා අත්දැකීමෙන්දන්නවා. මෙහිදී දියවැඩියා රෝගය පිළිබඳ ජාත්‍යන්තර දත්ත ස්වල්පයක් මා ඔබට කියන්නම්.
1. වසර 2013 දී ලොව පුරා සිටි දියවැඩියා රෝගීන් ගණන මිලියන 382 ට වැඩියි. මේ වන විට මේප්රමාණය මිලියන 600 කට කිට්ටු කර තිබෙන බව පැහැදිලියි.
2. දියවැඩියාව Type 1 සහ Type 2 යනුවෙන් කොටස් දෙකකට බෙදෙනවා. Type 1 වර්ගයේ දියවැඩියාරෝගීන්ගේ සිරුරු තුළ ඉන්සියුලින් කොහොමටවත් නිෂ්පාදනය වෙන්නේ නැහැ. එනම් මනුෂ්‍ය ශරීරයතුළ ඉන්සියුලින් නිෂ්පාදනය සිදු කරන අග්න්‍යාශය නමැති ඉJද්රියෙහි තිබෙන සෛල (Isiet sells and reseptors) සියල්ල අප්‍රාණික වී ඇති බව ඉන් ප්‍රකාශ වෙනවා. Type 2 වර්ගයේ දියවැඩියා රෝගීන්ගේඅග්න්යාශය ඉන්සියුලින් නිෂ්පාදනය කළත් එය සිරුරේ හටගන්නා සීනි දහනය කර සිරුරේක්රියාකාරීත්වය ඇති කිරීමට තරම් ප්‍රමාණවත් නැහැ. ලොව සිටින දියවැඩියා රෝගීන්ගෙන් 10% ක් Type 1 ට අයත් වන අතර 90% ක් Type 2 ට අයත් වෙනවා. මේ අතර ගර්භනී අවස්ථාවේදී හටගන්නාදියවැඩියාවක් තිබෙනවා. මෙය අප හඳුන්වන්නේ Gestational Diabetes යන නමින්.
3. දියවැඩියා රෝගයේ සුලභ ලක්ෂණ කිහිපයක් තිබෙනවා. පළමුවැන්න නිතරම මුත්‍ර පහ කිරීමට අවශ්‍යවීමයි. ඒ අතර අධික පිපාසය, කුසගින්න, සිරුරේ බර අඩුවීම, තුවාල සුව නොවීම, පුරුෂයන්ගේ ලිංගිකදුර්වලත්වය, අතපය හිරිවැටීම යනාදියත් හටගන්නවා.
4. Type 1 වර්ගයේ දියවැඩියා රෝගීන්ට සැලසුම් කරන ලද ආහාර වට්ටෝරුවක් සහ සිරුරට ඉන්සියුලින්එන්නත් කිරීම මගින් යම් සහනයක් ලබා ගත හැකියි. එහෙත් රෝගය සුව වීමත්, එහෙමත් නැත්නම්අග්න්යාශය ප්‍රාණවත් වීමක් එතැන නැහැ. ඔවුන් නිතරම තම රුධිරයේ තිබෙන සීනි ප්‍රමාණය පරීක්ෂාකර ගත යුතුයි. Type 2 වර්ගයේ රෝගීන්ට මුඛයෙන් ලබා ගන්නා බෙහෙත්, සැලසුම් කළ ආහාරවට්ටෝරුවක්, ව්‍යායාම යනාදියෙන් යම් සහනයක් ලබා ගන්න පුළුවන්. එහෙත් අග්න්‍යාශයේ සෛලප්රාණවත් වී සිරුරට අවශ්‍ය පරිදි ඉන්සියුලින් නිපදවීමක් එතැනදී සිදුවන්නෙත් නැහැ.
5. දියවැඩියා රෝගීන්ට තන්තුක වාහිනී රෝග හෙවත් හෘද රෝග හට ගැනීමේ අවදානම දියවැඩියාව නැතිඅයට වඩා හුඟක් වැඩියි.
6. දියවැඩියා රෝගීන් දුම් පානය වහාම නැවැත්විය යුතුයි. දුම් පානය මගින් ඔවුන්ගේ හදවත් රෝගී වීමදෙගුණ වෙනවා.
7.Hypoglycemia හෙවත් රුධිර සීනි ප්‍රමාණය ඕනෑවට වඩා පහත බැස්සොත් දියවැඩියා රෝගීන්ටදරුණු තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනවා. එසේම Hypoglycemia හෙවත් රුධිර සීනි ඕනෑවට වඩා ඉහළනැගීමෙන් රෝගීන්ට අවදානමක් ඇති වනවා. මේ තත්ත්ව දෙක තුළදීම ඔවුන්ගේ ශරීරවල අභ්යන්තරඉන්ද්රීන් විනාශ වෙනවා.
ප්රශ්නය - දියවැඩියා රෝගයට බෙහෙත් පිරිසිදු සිංහල වෙදකම තුළ තිබෙනවද?
පිළිතුර - ස්ථිර වශයෙන් ම ඔව්. ඒ සඳහා මාස 6 ක පමණ කාලයක් තුළ තෝරාගත් ආහාර සහ බෙහෙත්ලබා ගත යුතුයි.
ප්රශ්නය - මොනවද ඒ ආහාර
පිළිතුර - උදේ ආහාරය ලෙස කුමක් හෝ මාංශ භෝගයක් (කඩල, කව්පි, මුං ඇට, මෑ ඇට) ගත යුතුයි.දහවලට බත් කෝප්ප භාගයක්, ගොටුකොළ.රණවරා කොළ හෝ වෙනත් මැල්ලුම් වර්ගයක්, එළවළුවැඩිපුරත් ආහාරයට ගත යුතුයි. තෙල්දමා තෙම්පරාදු නොකරන එළවළු, මස්, මාලු, නිතරම කෑමට එකතුකර ගත යුතුයි. ආහාරයට ගන්නා බත රතු බාස්මතී සහල් නම් ඉතාම හොඳ ප්‍රතිඵල ලැබෙනවා. එහිපිෂ්ඨය අඩු අතර කුරුට්ට වැඩි නිසා පෝෂ්‍ය පදාර්ථ බහුලව ලැබෙනවා.
ප්රශ්නය-Type1සහType2 යන වර්ගවල දියවැඩියා රෝගීන් සඳහා ඔබට නිර්දේශ කළ හැකි කිසියම්බෙහෙතක් තිබෙනවාද?
පිළිතුර - ඔව්. රණවරා ගහේ පස් පංගුව ගන්න. එයින් මිටක් ගෙන වතුර අඬු කෝප්ප 4 කට දමා කෝප්ප 1කට සිඳ ගන්න. මෙවැනි වේල් 2 ක් උදේ 10 ටත්, සවස 3 ටත් බොන්න. ඒ අතර මා ඉහතින් කී පරිදික්රමයට ආහාර ගන්න. මාසයකට පසු රුධිර සීනි මට්ටම පරීක්ෂා කර බලා එය අඩු වී ගෙන යන හැටිනිරීක්ෂණය කරන්න. මාස 6 ක් මේ ප්‍රතිකාරය කරන්න. එවිට ඔබේ රුධිර සීනි මට්ටම ප්රකෘතිතත්ත්වයට එනවා. මෙය දිගටම කරන විට අග්න්‍යාශය ක්‍රමයෙන් ප්‍රාණවත් විමට පටන් ගන්නවා. ඒ අනුව ඔබ තවදුරටත්දියවැඩියා රෝගියකු වන්නේ නැහැ.
මේ පිළිබඳ නොමිලේ උපදෙස් සඳහා 0759061771 අංකයට කතා කරන්න.
ලබන සතියේ රණවරා ගසේ ඖෂධීය ගුණ විග්‍රහය සහ දියවැඩියාවට තවත් බෙහෙතක් කියවන්න.
වෛද්‍ය - චාන්දනී වික්‍රමාරච්චි, සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව
Post a Comment