ගැට ගැසුණු නහර සුවපත් කරන විශ්මිත ඔසුවක්
නහර ගැටගැසීම කියන්නේ ඉතා සුලබ රෝගයක්. කාන්තාවන් තමයි මේ රෝගයට වැඩිපුරම බඳුන් වෙන්නේ, ගැටගැසුණු රුධිර නාලිකා පිටතට ඉල්පුනු නහර වේදනාකාරී ඉදිමුණු කකුල් මේ රෝගයේ ප‍්‍රධාන ලක්ෂණ කිහිපයක්. වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ මෙම රෝගය රුධිර නාල දුර්වලවීමේ සංඥාවක් කියලා. මේ ලිපියෙන් අපි ඔයාලට කියාදෙන්නේ මේ පීඩාකාරී රෝගයට එරෙහිව සටන් කරන ස්වභාවික ප‍්‍රතිකර්මයක්. මේ නහර ගැට ගැසීමේ රෝගයේ වර්ධනය සඳහා අපේ සමහර පුරුදු සෘජුවම බලපානවා.
උස අඩි සහිත පාවහන් පැළඳීම අපහසු/ වැරදි ඉරියවු වලින් ඇවිදීම. හිඳගෙන සිටීම ආදිය නිසා නහර ගැටගැසීම වේගවත් වෙනවා. ගර්භ භාවය නිසාත් මේක වර්ධනය වෙනවා. නිසි පෝෂණයත් අත්‍යාවශ්‍යයි. සත්ව ප්‍රෝටීන්, විටමින් C ආදිය වැඩිපුර පරිභෝජනය කල යුතුයි. ඒත් මතක තියාගන්න සීනි සහ අසංතෘප්ත මේද අම්ල ශරීරයේ ඉදිමීම් සහ දැවිල්ල ඇතිවීම සඳහා හේතු වෙනවා. නිවසේදීම සකස් කරගත හැකි මේ සරල ප‍්‍රතිකාරය අත් හදා බලන්න.
මේ සඳහා අවශ්‍ය වන්නේ
කුඩා කැබලි වලට කපාගත් කැරට්.
කෝමාරිකා ජෙල් (සාරය)තේ හැඳි 3ක්.
ඇපල් සයිඩර් විනාකිරි තේ හැඳි බාගයක්.
මේ ද‍්‍රව්‍ය තුනම එකට දාල හොඳින් මිශ‍්‍ර වන තුරු බ්ලෙන්ඩර් කරගන්න. ඔයාට මේ ආලේපය භාවිතා කරන්න ඕන ප‍්‍රදේශයේ තරම අනුව අමුද‍්‍රව්‍ය ප‍්‍රමාණය වැඩි කරගන්න පුළුවන්.
දැන් මේ මිශ‍්‍රණය රෝගය සහිත ප‍්‍රදේශයේ හොඳින් ආලේප කරල අවශ්‍ය නම් බැන්ඬේජ් එකකුත් දාන්න. මේ විදියට පැය බාගයක් පමණ තියෙන්න දෙන්න.
ඊට පස්සේ ඇල් වතුරින් සෝදා හරින්න. මතක තියාගන්න ඔයා දෙපා සෝදන්න ඕන උඩු අතට කියන එක. ඒක සුවවීම ඉක්මන් කරනවා.
අපේක්ෂිත ප‍්‍රතිපලය ලැබෙන තුරු මේ ප‍්‍රතිකාරය දිනපතාම කරන්න ඕන.
කැරට් වල ප‍්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වෙනවා. ඇපල් සයිඩර් විනාකිරිවලට රුධිර කැටි ඇතිවීම වැළක්වීමේ හැකියාවක් තියෙනවා. කෝමාරිකා ජෙල් කියන්නේ ගොඩක් ලෙඩ රෝග වලින් ඔබව ආරක්ෂා කිරීමටත් වැළදුණු ලෙඩ රෝග සුවකිරීමටත් උපකාරී වන මහගු ඖෂධයක්. ඒ වගේම සමේ ආශ‍්‍රිත අසාධන තත්වයන් වලට කෝමාරිකා තරම් ප‍්‍රබල ඔසුවක් මෙලොව නැති තරම්. ඉතින් මෙන්න මේ හේතු නිසා තමයි නහර ගැට ගැසීමේ රෝගයට එරෙහිව මේ ප‍්‍රතිකාරයට මෙච්චර ලොකු බලයක් ලැබෙන්නේ. ඉතින් මේ වටිනා ප‍්‍රතිකර්මය පාවිච්චි කරලා සුවයක් ලබන්න දැන් ඔයාටත් පුළුවන්.

Post a Comment