තරබාරු බවින් අපහසුතාවයට පත්වන ඔබ සියලූදෙනාම සඳහා මෙන්න විශ්මිත ස්වභාවික ප‍රතිකාරය

අධික තරබාරු බව යනු සිරුරේ අධික ලෙස මේදය තැම්පත් වීම හේතුවෙන් විවිධ ලෙඩ රෝගයන්ට මුහුණ දීමට සිදු වන තත්වයකි. ප‍්‍රධානම ලෙස මෙය බලපාන්නේ හදවත, ජීරණ පද්ධතිය හා ප‍්‍රතිශක්තිකරණ පද්ධතියටයි. මෙමගින් ඔබේ සුවදායක ජීවන රටාවට බාධා ඇතිවිය හැකි අතරම නොයෙකුත් ගැටළු හා අපහසුතා මතුවේ. ශරීර බර අඩු කරගෙන නිරෝගී සෞඛ්‍යක් උද කර ගැනීම සඳහා විවිධ ස්වභාවික ප‍්‍රතිකර්මයන් ඇත.

මෙම විශ්මිත පානය මගින් ශරීරයේ ක‍්‍රියාකාරිත්වය වර්ධනය කර අතරම සතියක් වැනි කෙටි කාලයකින් ශරීරයේ බර කිලෝග‍්‍රෑම් 1 කින් අඩු කරගත හැකියි.

අවශ්‍ය ද‍්‍රව්‍ය
මි පැණි තේ හැඳි 1ක්
දෙහි යුෂ තේ හැඳි 2ක්
වතුර

ක‍්‍රමය
දෙහි හා මි පැණි වතුර වීදුරුවකට මිශ‍්‍ර කරගන්න. දිනපතා උදෑසන මෙයින් වීදුරුවක් හිස්බඩ පානය කරන්න. ඒ වගේම රාත‍්‍රියේදී ද ඔබට මෙයින් වීදුරුවක් නින්දට යාමට පෙර පානය කල හැකියි.

ඉගුරු
ඉගුරු වලට ශරීරයේ තැම්පත්ව ඇති මේදය දහනය කර ජීරණ ක‍්‍රියාවලිය වර්ධනය කිරීමේ හැකියාව මනාව පවතී.

නැවුම් ඉගුරු කැබැල්ලක් සෑම ආහාර වේලකටම පෙර ආහාරයට ගැනීම මගින් ශරීරයේ බර ඉතා කෙටි කාල සීමාවකින් අඩු කරගත හැකියි. මෙහිදී ඔබ විසින් ඉගුරු කුඩු තේ හැඳි 1/2ක් ගෙන උණු වන වතුර එකකට දමා මිනිත්තු 5ක් පමණ තබන්න. ඉන්පසු දිනපතා ආහාර වේල් වලට පෙර ලබාගැනීමට කටයුතු කරන්න.

කරපිංචා කොළ
සෑම ආහාර වේලක් සමගම කරපිංචා කොළ කිහිපයක් හෝ මිංචි සම්බෝලයක් ආහාරයට ගැනීමට උනන්දු වන්න. මෙමගින්ද කෙටි කාලයකින් ඔබේ ශරීරයේ ඇති අධික බර අඩු කර ගත හැකියි.

No comments