ගෘහණියකට මෙන්ම ආහාර පිසින සෑම කෙනෙකුටම වැදගත්වන කරුණු 10 මෙන්න

ගෘහනියක් කියලා කියන්නේ මුළු නිවසේම ඒ වගේම මුළු පවුලේම බර උසුලන්නීය. ඈ අත ඇති වගකීම් සම්භාරය මෙතෙකැයි කියන්න බෑ.

ගෘහයක් උසස් කිරීමටත් අගාධයට යන්නත් ගෘහණියකගේ හැසිරීම බලපානවා. ඉතින් අද අපි ඔයාලට කියන්න යන්නේ ගෘහනියකට මෙන්ම සෑම කෙනෙකුටම ප‍්‍රයෝජනවත් වන ආහාර පිසීමේදී වඩා වැදගත් වන මුතුවන් ඔවදන් කිහිපයක්.

01.බී ලූනු කැපීමට පෙර පොතු සමගම දෙකට කපා වතුරට දමා ටික වෙලාවක් තබා කපන්න.මෙමගින් ඇස් දැවිල්ල සෑදීම වලකා ගන්න පුළුවන්.

02.පලා වර්ග සහ මයියොක්කා දළු,ගෝවා කොළ ආදිය කහකුඩු නොදමා ගන්න.

03.ගෑස් ලිප පිරිසිදු කරන විට පොල්තෙල් හා භූමිතෙල් ස්වල්පයක් කලවම් කර පිසදමන්න.

04.ඉදුණු නරක් නොවී දින කිහිපයක් තබා ගැනීමට තෙත රෙදි කැබැල්ලක ඔතා ප්ලාස්ටික් බෑගයක දමා තබන්න.

05.කිසිදු විටෙක බණ්ඩක්කා සමග දෙහි තැබීමෙන් වලකින්න.එවිට සිදුවන්නේ බණ්ඩක්කා කරල් මේරීමයි.

06.බිත්තර කහමඳය නරක් නොවී දින දෙක තුනක් කල් තබා ගැනීමට ලූණු ස්වල්පයක් එක්කර හොඳින් වසා තබන්න.

07.කරවිල තම්බා පොල් සමග ආහාරයට ගන්න.ඉතා ඉහළ ගුණයක් ඔබටත් ලැබේවි.දියවැඩියා රෝගීන්ට ඉතා ගුණ කෑමකි.

08.මස්,මාළු සෝදන විට එයට ගස්ලබු පෙති කිහිපයක් එක්කර ගැනීමෙන් පිලී ගඳ ඉවත්කර ගත හැක.

09.පොල් ගාගෙන ඉතිරිවේ නම් එම කොටසේ ලූණු ස්වල්පයක් තවරා තැබීමෙන් කහ පැහැයක් නොගනී.

10.කුකුල් මස් වැංජනයට යෝගට් ස්වල්පයක් එක් කිරීමෙන් රසය වැඩිකර ගත හැක.

No comments