වෛද්‍යවරු පවා මවිතයට පත් කළ තද කොළ පාට රුධිරය ඇති මිනිසා
ශරීරයේ තද කොළ පැහැති රුධිරය ඇති පුද්ගලයෙකු පිලිබඳ පසුගිය දිනයක වාර්තා විය. වයස 42ක් වන මෙම පුද්ගලයා කැනඩානු ජාතිකයෙකි. මොහු යම්කිසි රෝගයකින් පෙලීම හේතුවෙන් ශල්‍යකර්මයකට භාජනය කළ අවස්ථාවේ තද කොළ පැහැති රුධිරය ඔහුගේ ශරීරයෙන් වහනය වී තිබේ. මෙය දුටු වෛද්‍යවරුන් මහත් විමතියට පත් වී තිබේ.
වෛද්‍යවරුන් වැඩිදුරටත් මෙම පුද්ගලයා ගැන සොයා බලද්දී ඔවුන්ට දැනගන්න ලැබී තිබෙන්නේ මොහු දිගු කාලයක් තිස්සේ ඉරුවාරදයට ඖෂධ ලබාගෙන ඇති බවයි. එම ඖෂධයක් හේතුවෙන් ඔහුගේ රුධිරය මෙම අසාමාන්‍ය වර්ණ වෙනසට ලක්වී ඇතැයි වෛද්‍යවරුන් අනුමාන කරති.
මිනිස් රුධිරයේ සල්ෆර්මෝග්ලෝබීන් වර්ධනය විම මගින් රුධිරයේ ඇති රක්ත වර්ණය කොළ පැහැයට වෙනස් වන බව වෛද්‍යමතය වේ. කෙසේ වෙතත් මෙම අසාමාන්‍ය සිදුවීම මුළු ලෝකයම විශ්මයට කළේය.
එහි විස්තරාත්මක වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.


Post a Comment