ළුණු පලූවක් ගෙන අතේ අතුල්ලන්න - ළුණු භාවිතයෙන් සුවකර ගත හැකි රෝග තත්ව 5ක්
ළුණු
කියන්නේ ස්වභාවික ප්‍රතිජීවක ඖශධයක්. ආහාර රසවත් කර ගැනීමට අමතරව ළුණු මගින් සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියක් ලබාගන්න පුළුවන්. අද අපි ඔබව ඒ ගැන දැනුවත් කරන්නම්.
01. කනේ
කැක්කුම්
බොහෝ
වෙලාවට කනේ කැක්කුම් හැදෙන්නේ කලාදුරු අධික ලෙස කනේ සිර උනාම. මේ වගේ වෙලාවට කුඩා ළුණු කැබැල්ලක් සුද්ද කරලා කන් සිදුරෙහි තබා ගන්න . මේ ලූනු කැබැල්ල කන ඇතුලටම නොදා ඉන්න වගබලා ගන්න. රාත්‍රී කාලයේ නින්දට යාමේදී මේ ප්‍රතිකාරය කලොත් උදේ ඇහැරෙන විට ඔබට වේදනා දුන් කලාදුරු දිය වී විශාල සහනයක් ලැබේවි.
02. පිළිස්සුම්
බොහෝ
වෙලාවට මුළුතැන්ගෙයි වැඩ කරන වෙලාවට විවිධ හේතු නිසා පිළිස්සුම් ඇතිවෙනවා. මේ වගේ වේලාවකදී ලූනු ගෙඩියක් දෙකට කපලා පිළිස්සුනු ප‍්‍රදේශයේ ආලේප කරන්න. මෙමගින් සංකූලතා වලක්වල වේදනාව අඩු කර ගන්න පුළුවන්.
03. දෙබරුන්,
බබරුන් , මී මැසි හා පත්තැ දෂ්ට කිරීම් වලට
දෙබරුන්,
බබරුන් සහ මී මැසි ප්‍රතිකාර බොහෝ භයානක වෙන්න පුළුවන්. සමහර විට මෙවැනි ප්‍රතිකාර වලට අසාත්මික ඇතිවන අයට මරණිය අවදානමක් ඇතිකරන්නත් පුළුවන්. මේ වගේ වේලාවකදී කලබල නොවී දෂ්ට කල ස්ථානයේ දලය තියෙනවා නම් ඉවත්කරලා ලූණු ගෙඩියක් දෙකට කපලා දෂ්ට කල ස්ථානයේ හොදින් ආලේප කරන්න. තදින් අතුල්ලන්න උත්සාහ කරන්න එපා. ඒ වගේම තමයි පත්තැයෙකු වගේ සතෙක් දෂ්ට කලත් ඒ අවස්ථාවේම ළුණු පලූවක් එම ස්ථානයේ ඉලූවොත් කිසිදු ඉදිමීමක් නැතුව විශ ඉවත් කර ගන්න පුළුවන්.
04. උණ
සුවකර ගැනීමට
උණ
හැදුනු වෙලාවට සහනයක් ලබා ගන්නත් ළුණු මගින් ඔබට හැකියාව තියෙනවා. කුඩා ළුණු පෙති දෙකක් මේස් දෙකක් ඇතුලේ දාගෙන රාත්‍රී නින්දට යාමෙන් උණ සුව කරගන්න පුළුවන්. මෙය උණ සඳහා සහනය ලබාගන්න පුළුවන් බොහෝ රටවල ජාතිකයන් අත්දුටු ප්‍රතිකාරයක් .
05. නිවස
තුල විෂබිජ විනාශ කිරීම
අවකාශයේ
ඇති බැක්ටීරියා වැනි විෂබීජ උර ගැනීමට ළුණු වලට පුළුවන්. ඔබේ නිවසේ තැනින් තැන කපන ලද ළුණු කැබලි තැබීමෙන් උණ සෙම්ප්‍රතික්ෂාව වැනි බෝවෙන රෝග වලින් නිවැසියන් පහසුවෙන් ආරක්ෂා කර ගන්න පුළුවන් වේවි.
Post a Comment