මුහුණේ මෙවැනි කැළැල් සාර්ථක ලෙස ඉවත් කර ගමු
දෙහි
සිට්රික් ඇසිඞ් වලින් අනුණ දෙහි මගින් සමේ කැලැල් ඇතී ස්ථාන දීප්තිමත් කරන්නාසේම එහි ඇති විටමින් ක් මගින් සමේ වර්ණය මෙන්ම පැහැය සමබර කරයි. ප‍්‍රතිකාර ආරම්භ කිරීමට පෙර සම හොදින් පිරිසිදු කර ගන්න. ඉන්පසු පුළුන් කැබැල්ලක් ගෙන එය දෙහි යුෂ වලින් පොගවා සමේ කැලැල් ඇති ස්ථාන වල ගල්වා එලෙස මිනිත්තු 10ක් පමණ පුළුන් කැබැල්ල වියලෙන තුරු තබාගෙන සිටින්න. මිනිත්තු 10ට පසු මද උණු ජලයෙන් සම හොදින් සෝදා ගන්න. කැලැල් නැතිවන තුරු දිනපතා කරන්න.
බේකින් සෝඩා
ඕනෑම මුළුතැන්ගෙයකින් සොයා ගත හැකි බේකින් සෝඩාහි පුදුමාකාර වූ මතුපිට සම නැවුම් කිරීමේ හැකියාවක් පවතී. එමගින් මැරුණු සම පොතු ගැලවෙන්න සේ ඉවත් කිරීමේ හැකියාවක් ඇත. එලෙසෙම එය විෂබීජ නාශකයක් ලෙසද ක‍්‍රියා කරයි. බේකින් සෝඩා 5:1 අනුපායෙන් උණු ජලය සමග තලපයක් වන සේ මිශ‍්‍ර කර ගන්න. එය සමේ කැලැල් ඇති ස්ථාන වල ගලවා වියලූන පසු මද උණු ජලයෙන් සෝදා හරින්න. සතියට දෙවරක් හෝ තෙවරක් නැවත කරන්න.
ඔලිව් තෙල්
සම දීප්තිමත් කල හැකි තවත් ද‍්‍රව්‍යක් ලෙස ඔලිව් තෙල් හැදින්විය හැක. මෙය සිදුවන්නේ එහි ඇති අසන්තෘප්ත අම්ල, විටමින් c සහ E හේතුවෙනි. ඔලිව් තෙල් කැලැල් ඇති ස්ථාන වල ගලවා මිනිත්තු 5ක් වත් හොදින් සම්බාහනය කල යුතුයි. ඔබට අවශ්‍යනම් ඔලිව් තෙල් ක‍්‍රියා කිරීම සදහා රාත‍්‍රිය පුරා එය සම මත තිබෙන්නට හැරිය හැක.
මී පැණි
තුවාලයක් ඉක්මනින් සුව කිරීමේ හැකියාව, පටක වර්ධනය, සම පෝෂණය කිරීම මෙන්ම කැලැල් ඉවත් කිරීමේ හැකියාව මී පැණි සතු වේ. මී පැණි තේ හැදී 2ක් බේකින් සෝඩා තේ හැදී 2ක් සමග හොදින් මිශ‍්‍ර කර එම මිශ‍්‍රණය කැළැල් ඇති ස්ථාන වල ගල්වන්න. පිරිසිදු තුවායක් ගෙන එය උණු ජලයෙන් පොගවා ගල්වන ලද මිශ‍්‍රණය මත තබන්න. තුවාය නිවුණු පසු මිශ‍්‍රණය සමෙන් පිසදා දමන්න.
ඔබට කුරුලැ කැළැල් ඉවත් කිරීමට අවශ්‍යනම් ඒ සදහා බේකින් සෝඩා තේ හැදී 2ක් සමග මී පැණි තේ හැදී 2ක් ම්ශ‍්‍රකර කැළැල් වල ගලවන්න.
Post a Comment