නින්දට පෙර දෙපතුල් සම්භාහනය කළ යුත්තේ මෙම හේතුව නිසයි
සම්භාහනය යනු අතීතයේ පටන් පිළිගැනෙන විශිෂ්ඨ රෝග නිවාරණයක්. වසර 3000 කට පමණ පෙර සම්භාහනය ගැන ලියවුණූ ලේඛණ චීනයෙන් හමු වනවා. පුරාණ හින්දු, පර්සියානු හා ඊජිප්තු ශිෂ්ඨාචාර වලද එවැනි තොරතුරු තිබෙනවා. තවද සන්ධි ආබාධ වැනි රෝග සදහා හිපොක‍්‍රටිස් විසින් සම්භාහනය නිර්දේෂ කර තිබෙනවා. අද වන විට එය වර්ධනය වී නිධන්ගත රෝග රැසකට පිළියමක් ලෙස නූතන වෛද්‍යවරුන් විසින් සම්භාහනය හදුන්වා දෙනවා.
පිටුපස වේදනාව, ආතරයිටිස්, තෙහෙට්ටුව, අධි රුධිර පීඩනය, දියවැඩියාව, ප‍්‍රතිශක්ති මර්දනය, වද බව, දුම් පානය නිසා ඇති වන රෝග මෙන්ම මානසික අවපීඩනය වැනි රෝග බොහෝමයකට ඉන් සහනය සැලසෙනවා. තවද ඔබව රෝගී කළ හැකි දිනපතා චර්යාව නිසා ඇති වන මානසික ආතතිය ද සුව කරවනවා. මෙම සම්භාහනය දෑතින්, ඇගිලි වලින්, වැළමිටින්, දණහිසින් , බාහු හෝ දෙපතුල් වලින් මෙනම උපකරණයක් ආධාරයෙන්ද කළ හැකියි.
හොදම සම්භාහන ක‍්‍රමය දෙපතුල් සම්භාහන කිරීම බව අපට පහසුවෙන් කිව හැකියි. අපගේ දෙපතුල් වල ඇතැම් කොටස් ශරීරයේ විවිධ අවයව හා සම්බන්ධතාවයක් තිබෙනවා. සැමදා නින්දට පෙර මෙවැනි සම්භාහනයක් කිරීමෙන් ඔබට පහත පරිදි පහසුවක් අත්වන බව අප සදහන් කරනවා.
- එය ඔබගේ සමට යහපත්
- දුර්වල සංසරණයන් සදහා
- ඔබගේ නින්ද වැඩි දියුණු කරයි
- ගර්භ අවධියේ ඇති වන රෝග සුව කරනවා
- අවයව වල ක‍්‍රමවත් ක‍්‍රියාවලියක් ඇති කරවනවා
- ඔබගේ දෙපතුල් වලට සුවයක්ද ලැබෙනවා
පහත රූපය බලන්න. ඔබ වෙනසක් අත් විදින්නට කැමති අවයව සමග සම්බන්ධ පෙදෙස් වෙත අවධානය දෙන්න.
Post a Comment