කිහිල්ල යට රෝම විනාඩි දෙකකින් ඉවත් කර ගමු - ස්වාභාවික ක‍්‍රමවේද

කිහිල්ල යට වර්ධනය වන රෝම වලට සහ එයින් හමන දහඩිය දුගඳට කිසිවෙකු ප‍්‍රිය නොකරයි. මෙම ලිපිය මගින් ඔබට පැවසීමට සුදානම් වන්නේ කිහිල්ල යට රෝම ඉවත් කර ගැනීම සදහා භාවිතා කර හැකි ස්වාභාවික පිලියම් කිහිපයක් ගැනයි. ඔබට සැලෝන් වලට යාමෙන් හෝ වේදනාකාරී වැක්ස් කිරීම වැනි ක‍්‍රමයන් භාවිතා කිරීමෙන් වැලකී මෙම ක‍්‍රමය මගින් ඔබගේ කිහිල්ල යට රෝම ඉවත් කර ගැනීමට හැකි වේ.

මෙම ක‍්‍රමය මගින් ඔබගේ ශරීරයේ සමට සිනිදු කර ඔබට සෞඛ්‍යයමත් ශරීර පෙනුමක් ලබා දේ. ඔබට මේ සදහා අවශ්‍ය වන්නේ විටමින් C ඛණිජ සහ ප‍්‍රතිඔක්සිකාරක අඩංගු වන අමුද‍්‍රව්‍යය පමණි. මැද පෙරදිග කාන්තාවන් මෙම ක‍්‍රමය සහ සීනි පාදක කරගත් වෙනත් සත්කාරක ක‍්‍රම දශක ගණනාවකම පෙර සිට භාවිතා කරනු ලබයි.

1. ලෙමන් සහ සීනි මිශ‍්‍රණය
ලෙමන් යුෂ මේස හැදි දෙකකට සීනි මේස හැන්දක් මිශ‍්‍ර කර ආලේපනයක් සකසා ගන්න. ඉන් පසුව මෙම ආලේපනය ඔබගේ කිහිල්ල යට ආලේප කර සුළු මොහොතකින් පසුව වියලි පිරිසිදු රෙදි කැබැල්ලකින් පිරිසිදු කරගන්න. මෙම සත්කාරය සතියට වාර දෙක බැගින් සිදු කරන්න. කාලයත් සමග ඔබගේ කිහිල්ල යට වර්ධනය වන රෝම ඉවත් වී යනු ඇත.

2. බිත්තර සහ ඉරිගු පිටි මිශ‍්‍රණය
බිත්තර සුදු මද මේස හැන්දක් සමග ඉරිගු පිටි මේස හැදි භාගයක් මිශ‍්‍ර කරගන්න. මෙම මිශ‍්‍රණය ඔබගේ කිහිල්ල යට ආලේප කර වියලූනු පසුව සෝදා දමන්න.

3. කිරි සහ කහ මිශ‍්‍රණය
කිරි මේස හැදි දෙකක් සමග කහ සුළු ප‍්‍රමාණයක් මිශ‍්‍රකර එම මිශ‍්‍රණය ඔබගේ අත් යට ආලේප කරගන්න. ඉන් පසුව ස්වල්ප වෙලාවකින් ඔබගේ කිහිල්ල පිරිසිදු කරගන්න.

පහලින් අපිව subscribe කරන්න

No comments