වේදනාකාරී ක‍්‍රමවලින් තොරව මුහුණේ ඇති අනවශ්‍ය රෝම ඉවත් කරගැනීමේ සරලම ක‍්‍රමය මෙන්න


පහලින් අපිව subscribe කරන්න

ඔබගේ මුහුණේ අඩංගු වන අනවශ්‍ය රෝම ඉවත් කරගැනීම සඳහා ඔබ අනුගමනය කරන්නේ කුමන ක‍්‍රමයද?රුපලාවන්යාගාරයෙහි සිදු කෙරෙන වේදනාකාරී ක‍්‍රමයන් මගින් අනවශ්‍ය රෝම ඉවත් කරගැනීම සිදු කරගන්නවද?නැතිනම් සමට හානිකර කෘතීම ආලේපයන් ගල්වා රෝම ඉවත් කරගන්නවද?මේ කුමන ආකාරයක් අනුගමනය කලත් ඒ සියලූම ක‍්‍රමයන් ඔබේ සමට සුදුසු නොවේ.
විශේෂයෙන්ම මුහුණේ ඇති අනවශ්‍ය රෝම ඉවත් කරගැනීම සඳහා විවිධ ක‍්‍රමයන් වර්තමානයේ තිබුනත් ඒ සියල්ලම දිගු කාලීනව සිදු කිරීම මගින් ඔබට අයහපත් ප‍්‍රතිපල ලැබිය හැකියි.නූල් භාවිතයෙන් මෙලෙස රෝම ඉවත් කිරීම ප‍්‍රචලිත ක‍්‍රමයක් උවත් මෙමගින් මුහුණේ ප‍්‍රත්‍යස්ථතාවය ගිලිහි ඉක්මනින් තරුණ පෙනුම ඔබෙන් ගිලිහි යයි.ඊටත් අමතරව එමහින් දැනෙන වේදනාවද ඉසිලිය නොහැකි තරම්ය.
තවත් ක‍්‍රමයක් නම් කෘතීම ආලේපන යොදාගනිමින් රෝම ඉවත් කිරීමයි.මෙම රසායන ද‍්‍රව්‍යන් දිගුකාලීනව මුහුණට ලැබීම මගින් නොයෙකුත් ආකාරයේ රෝගී තත්වයන් ඇතිවිය හැකියි.
මෙම සියලූම ගැටළු වලට පිලියමක් ලෙස අපි ඔබට ස්වභාවිකව පහසුවෙන් හා සරලව අනවශ්‍ය රෝම ඉවත් කරගැනීමට ක‍්‍රමයක් පහත දැක්වේ.
මෙම ප‍්‍රතිකාරය සඳහා ඔබට බේකින් සෝඩා තේ හැඳි 1/2ක් හා වතුර පමණක් අවශ්‍ය වේ.හොඳින් මිශ‍්‍ර කරගෙන ඔබේ අනවශ්‍ය රෝම ඉවත් කරගැනීමට අවශ්‍ය තැන් වල ආලේප කර මිනිත්තු කිහිපයක් වියලෙන්නට හැර සෝදා හරින්න.
මෙමගින් ඔබට කිසිදු වේදනාවකින් තොරව අනවශ්‍ය රෝම ඉවත් කරගෙන පැහැපත් දිදුලන සමක්,මුහුණක් ලබාගත හැකියි.

No comments