මෙන්න මෙතෙක් සොයා ගත්ත හොඳම ස්වභාවික පිළිකා නාශකය

අද කාලේ වෛද්‍ය ලෝකයේ තියෙන දරුණු ගැටළු දෙකක් තියෙනවා. එකක් තමයි HIV/AIDS රෝගයට ප‍්‍රතිකාරයක් සොයා ගැනීම, අනික පිළිකා සුව කරන්නට පුළුවන් ක‍්‍රමයක් සොයා ගැනීම. ඒ වුණාට ඉතාමත් පහසුවෙන් නිවසේදීම හදා ගන්න පුළුවන් මේ සරල මිශ‍්‍රණයට පිළිකා මර්දනය කරන්නටත්, වෛරස අඩපණ කරන්නටත්, බැක්ටීරියා නාශකයක් ලෙස ක‍්‍රියා කරන්නටත් හැකියාව ඇති බව දැන් සනාථ වෙමින් පවතිනවා. මේ නිසා විවිධාකාරයේ බැක්ටීරියා හා වෛරස ආසාදනයන් නිසා වැළදෙන රෝග සුව කරන්නට වගේම පිළිකාවන්ගෙන් ඔබේ ජීවිතය බේරා දෙන්නටත් මේ පුදුමාකාර සංයෝගයට පුළුවන්.

ඒ සියලූ රෝග දුරු කිරීමට අමතරව නිරෝගී ඔබට වුනත් තමන්ගේ ප‍්‍රති ශක්ති පද්ධතියේ ක‍්‍රියාකාරිත්වය ඉහළ නංවා ගැනීම, ආහාර ජීර්ණ පද්ධතියේ ක‍්‍රමානුකූල ක‍්‍රියාකාරිත්වය වගේම සෞඛ්‍යමත් බවත් ඔප් නංවා ගැනීමට මෙම මිශ‍්‍රණය භාවිතයෙන් පුළුවන්. මේක ස්වර්ණමය සංයෝගයක් ලෙස හඳුන්වන්නට හේතුව දැන් ඔබට පැහැදිලියි නේද? ඉතින් එහෙනම් බලමු මේක හදා ගන්නේ කොහොමද කියලා.

අවශ්‍ය දේවල්

*කහ කුඩු තේ හැඳි 1ක්

*ස්වභාවික මී පැණි ග‍්‍රෑම් 100ක්

*හොඳින් ගේ‍්‍රට් කර ගත් ලෙමන් ගෙඩියක ඇතුළත පොත්තෙන් තේ  හැන්දක්

*ඇපල් සයිඩර් විනාකිරි තේ හැඳි 2ක්

*කළු ගම්මිරිස් කුඩු තේ හැන්දක්

සකසා ගන්නා ආකාරය

විශාල, පිරිසිදු වීදුරු භාජනයක් අරන් ඒකට ඇපල් සයිඩර් විනාකිරි, කහ කුඩු හා කළු ගම්මිරිස් එකතු කරන්න. හොඳට කවලම් කරලා ඒ මතට ගේ‍්‍රට් කර ගත් ලෙමන් පොත්ත සහ මී පැණි ටික එකතු කරන්න. දැන් මේක ඉතා හොඳින් දිය වී උකු ද‍්‍රාවණයක් ලැබෙන තුරු හොඳින් මිශ‍්‍ර කර ගන්න. මතක තියා ගන්න මේකට වතුර එකතු කරන්නේ නැහැ. ඒකාකාරී මිශ‍්‍රණයක් ලැබුණාට පස්සේ මේ වීදුරු භාජනය ශීතකරණයක තියන්න.

ඊළග දවසේ උදෙන්ම වෙන කිසිම දෙයක් කන්න බොන්න කලින් මේකෙන් මේස හැන්දක ප‍්‍රමාණයක් අරගෙන කෑමට ගන්න. ඊට පස්සේ වතුර වීදුරුවක් බොන්න. කෑමට ගනිද්දී නිකන්ම ගිලිනවා වෙනුවට දිව මතට අරගෙන දිය වෙන දිය වෙන ටික ගිලීම තමයි නිවැරදි ක‍්‍රමය. මේ ක‍්‍රියාවලිය දිගටම කර ගෙන යන්නට අවශ්‍යයි. හොඳට මතක තියා ගන්න.

මිශ‍්‍රණය කෑමට අර ගත් පසු ඉක්මනින්ම නැවතත් ශීතකරණයේ තියන්න. ඒ ඔබ හොඳ නිරෝගී තත්වයෙන් සිටිනවා නම්. සෙම්ප‍්‍රතිශ්‍යාව හෝ උණ පවතිනවා නම් මෙය සාදා ගෙන සෑම පැයකටම වරක් මෙයින් තේ හැන්දක් ඉහත සඳහන් කරලා තියෙන ක‍්‍රමයට ආහාරයට ගන්න. ඒ විදිහට දින දෙකක් මේක කරලා ඉන් පස්සේ පැය 2කට වරක් තේ හැන්දක්, පැය 4කට වරක් තේ හැන්දක් ආදී වශයෙන් රෝග ලක්ෂණ සියල්ලම ඉවත් වන තුරු මේ ප‍්‍රතිකර්මය සිදු කරන්න.

මේ පුදුමාකාර මිශ‍්‍රණය පාටින් රන්වන් පැහැයක් ගන්නවා වගේම ලැබෙන ගුණ අතිනුත් ස්වර්ණමය එකක්. මෙය සෑදීමට අපි යොදා ගත් හැම ද‍්‍රව්‍යයක්ම ස්වභාවිකව අපට ලබා ගන්නට පුළුවන් ඉතාමත්ම පෝෂය ද‍්‍රව්‍ය. මෙහිදී යොදා ගත් ඇපල් සයිඩර් විනාකිරි, මී පැණි හා ලෙමන් කියන්නේ පිළිකා නාශක ලෙස කොතැනත් පිලි ගන්න සංයෝග තුනක්. ඉතින් ඒ තුනම නියම විදිහට පරිපූරක වෙන්න මිශ‍්‍ර කරාම ලැබෙන ප‍්‍රතිඵල ගැන අමුතුවෙන් කියන්න  ඕනේ නෑනේ.  ඕනෑම පිළිකාවකින් පීඩා විඳින කෙනෙකුට මේ ක‍්‍රමයෙන් ඉක්මන් සත්කාරයක් ලබා ගන්න පුළුවන්.

No comments