ඔබගේ රුධිර පිඩනයට සුවදෙන විශ්මිත පානය මෙන්න - බීලම බලන්න
චෙරි යුෂ පානය කිරීමෙන් රුධිර පීඩනය අඩුකරගත හැකි බව බ‍්‍රිතාන්‍ය පර්යේෂකයෝ පිරිසක් අනාවරණය කරගෙන තිබේ.
ඔවුන් සොයාගෙන ඇති ආකාරයට සාන්ද‍්‍ර චෙරි යුෂ මිලිලීටර 60 ක් පමණ ජලය සමග දියකර පානය කිරීමෙන් රධිර පීඩනය දැනට පවත්නා අගයෙන් අංශක 7 ක් පමණ පහළ මට්ටමක පවත්වාගත හැකිය.
මෙයට හේතුව විය හැක්කේ චෙරි වල පවතින ස්වභාවික අම්ල වර්ග විය හැකි බවට ඔවුහු සැකකරති. අධි රුධිර පීඩන තත්ත්වයන්ට ප‍්‍රතිකාර ලබමින් සිටින අයට සහ ආඝාත තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් තිබෙන අයට මෙම සොයාගැනීම වැදගත් වන බව පර්යේෂක පිරිස පෙන්වාදෙති.
කෙසේනමුත් මේ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ පැවැත්වේ. චෙරි යුෂ පානය කිරීමෙන් රුධිර පීඩනය පහත දමාගත හැකිවුවද එය කොපමණ කාලයකට බලපවත්වන්නේදැයි තවත් හොදින් සොයාබැලිය යුතුව ඇති බව පර්යේෂක පිරිස පවසති.
Post a Comment