කුරුලෑ නිසා ඇති වූ ලපකැළැල් මකා දමා මුහුණ පැහැපත් කරන බලසම්පන්න ස්වාභාවික රුපලාවන්‍ය සත්කාරයක්
කුඩා කලදී සිදු වූ අනතුරක් හෝ පසු කාලිනව සිදු වු අනතුරු මගින් හා යොවුන් අවධිය පසු කර ඔබගේ මුහුණේ ඇති වූ කුරුලෑ හේතුවෙන් ඇති වූ තුවාල සුව වී ඔබේ ශරීරයේ ලප කැළැල් හට ගැනීමට පුළුවන්. මේ අකාරයෙන් ඇති වන අවලස්සන ලප කැළැල් ඉවත් කර ගැනීමට කල හැකි දේවල් කිහිපයක් තියනවා. කෝමාරිකා, උළුහාල් වගේ ශාක සාරමය ඖෂධවල අඩංගු විටමින් ඇතුළු තවත් බොහෝ පෝෂකයන් සම සුව කිරීමට සහ පැහැපත් කිරීමට හේතුවෙනවා. අද ඔබව දැනුවත් කරන්නේ මුහුණේ කුරුලෑ හේතුවෙන් ඇති වූ ලප කැළැල් ඉතාමත් පහසුවෙන් මකා දමන සරල ප‍්‍රතිකාරයක් ගැනයි.
බොහෝ ලප කැළැල් ඉවත් කරන ප‍්‍රතිකාරයන් නිපදවන්නේ රසායනික සහ ආම්ලික දේවල් යොදාගෙන. මෙලෙස නිපදවන ආලේප වලින් එක රැයකින් ඔබේ කැළැල් සුව කරන්නේ නැහැ වගේම ඒවායේ අඩංගු විෂ රසායනික නිසා කලින් නොතිබූ විවිධ ලප කැළැල් ඇති කිරීමටත් හේතු වෙනවා. ඒ නිසා අද ඔබට අපි කියාදෙන්නේ ඔබේ මුහුණේ තියෙන ලප කැළැල් ඉවත් කරගන්න පුළුවන් විශ්මිත ස්වභාවික ප‍්‍රතිකාරයක්. මෙහි ඇති සරල බව නිසාම ඔබට මෙය පහසුවෙන්ම උත්සාහ කර බලන්න හැකි වේවි.
අවශ්‍ය ද‍්‍රව්‍ය
ලෙමන් යුෂ තේ හැඳි 4ක්
මි පැණි තේ හැඳි 4ක්
බිත්තර සුදු මද 1ක්
සාදන ආකාරය
ඉහත සඳහන් කල ද‍්‍රව්ය භාජනයකට දාලා හොදින් කවලම් කරගන්න.
දැන් ඔබේ කැළැල් ඉවත් කිරීමේ ඔසුව පිළියෙළ කර අවසන්. මේ ක‍්‍රීම් එක සතියකට වතාවක් විනාඩි 15ක් ආලේප කරලා තියන්න.
මේ විදිහට ලප කැළැල් සම්පුර්ණයෙන් ඉවත් කරගන්න සති කිහිපයක් එක දිගට ආලේප කරන්න.
මෙමගින් ඔබේ මුහුණ පැහැපත් වීමද සිදු වෙනවා.
Post a Comment