පියයුරු පරීක්‍ෂාව තනියම කර ගන්න
01. මෙය සඳහා ආවරණ ස්ථානයක් යොදා ගන්න.
02. ඔබගේ උඩුකය සම්පූර්ණයෙන් නිරාවරණය කොට කැඩපතක් ඉදිරිපස සිට ගන්න.
04. අතේ ඇගිලි එක්කොට ඇගිලිවල ඇතුළු පැත්තෙන් පියයුරු හොඳින් පරීක්‍ෂා කරමින් පියයුරෙහි ගැටිති, සමට යටින් ගන වීමක් හෝ එහාට මෙහාට නොයන තද ගතියක් ඇත්දැයි පරීක්‍ෂා කරන්න.
05. වම් අතින් දකුණු පියයුරු සහ දකුණු කිහිල්ලද දකුණු අතින් වම් පියයුරු සහ වම් කිහිල්ලද පරීක්‍ෂා කරන්න.
06. පියයුරෙන් සෑම කොටසක්ම ආවරණය වන පරිදි පිටපැත්තේ සිට ඔරලෝසුවේ කටු යන අතට අත තද කරමින් පියයුරෙන් ගැටිත්තක්, වේදනාවක් හෝ ඝන වීමක් ඇත්දැයි බලන්න.
07. මහපට ඇගිල්ල හා දබර ඇගිල්ලෙන් ඇරියෝලාව (තන පුඩුව) වටා ඇති තද පැහැති කොටස මිරිකා තන පුඩුවෙන් කිරි නොවන ශ්‍රාවයක් පිටවන්නේ දැයි බලන්න.
සමාධි ඕබඩආරච්චි
Post a Comment