ඔබත් මුත්‍රා ගල් නිසා පීඩා විදිනවද? මෙන්න විසදුම
මේ දිනවල මුත්‍රා රෝග පිලිබඳ වැඩි වශයෙන් අහන්න ලැබෙන කාරණාවක් මෙන්ම මෙය බොහෝදෙනෙකුට මහත් කරදරයක් වී තිබෙනවා.මේ අතර බහුමුත්‍රතාව , මුත්‍රා මඳකම , මුත්‍රා කඩින්කඩ පිටවීම , මුත්‍රා දැවිල්ල , මුත්‍රා අඩස්සිය , මුත්‍රා සමග ලේ පිටවීම ආදී බොහොමයක් ආබාධ අතර නිතර කතාබහට ලක්වෙන ආබාධයක් ලෙස අශ්වරී හෙවත් මුත්‍රා ගල් ඇතිවීම බොහෝදෙනෙකු විඳවන රෝගී තත්වයකි.
මෙය ඔබට නිවසේදීම ඉතා පහසුවෙන් ඉවත්කර ගන්න පුළුවන් කිව්වොත් ඔබ විශ්වාස කරනවද?හරි පුදුමයි මෙම රෝගය සුව කිරීම සඳහා අවශ්‍ය ඔසු ඔබගේ ගෙවත්තෙන්ම සොයාගන්න පුළුවන්.අපි දැන් බලමු මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සහ සාදා ගන්නා ආකාරය.
පිරිසිදු පොල් හකුරු , සුඳු හඳුන් , සෙනෙහෙ කොළ සම ප්‍රමාණය බැගින් අරගෙන හොදට සියුම්ව කොටාගන්න.අනතුරුව තැඹිලි ගෙඩියක ඇස්ස ගසා මෙම කොටාගත් මිශ්‍රණය එය තුළට දමා ඇස්ස වසන්න.මෙය රාත්‍රියක් පුරා පින්නේ තබා පසුවදා උදය කාලයේ පෙරාගෙන පානය කරන්න.
මේ ආකාරයට දිනක් ඇර දිනක් සති දෙකක් පමණ කාලයක් පානය කරන විට මුත්‍රා ගල් පමණක් නොවෙයි ශරීරයේ උෂ්ණ ගුණයද සමනයවී යයි.
තවද මෙම ක්රමයන් මගින්ද ඔබට සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකිය.
කොවක්කා වැලේ අල ගෙන හොදින් තම්බා ගන්න.අනතුරුව එම ජලයේම හොදින් දියකර පානය කරන්න.
මුරුංගා පොතු කලා 12ක පමණ ප්‍රමාණයක් ගෙන එයට අඬු කෝප්ප අටක ජලය එකතු කරමින් එකකට පමණ සිදෙන තෙක් හොදින් තම්බාගෙන වරකට කෝප්ප බාගය බැගින් දින හතරක් පමණ පානය කරන්න.
මෙම ක්රමයන් නිවැරදිව නියමිත මාත්රාවන්ගෙන් ගෙන අත්හදා බලන්න ඔබට ඉක්මනින්ම සුවය ලැබෙනු නියතය.
ඔබගේ යහළුවන් හා පවුලේ අය දැනුවත් වීම සඳහා මෙය බෙදාහැරීමට අමතක නොකරයි කියා අප විශ්වාස කරනවා.

Post a Comment