කුරුලෑ සහ කුරුලෑ කැළැල් සදහටම මකා දමන විශ්මිත ස්වභාවික ප්‍රතිකාරය

අද බොහෝදෙනෙක් මුහුණේ ඇතිවන කුරුලෑ සහ කුරුලෑ කැළැල් නිසා පීඩා විදිනවා අප දැක තිබෙනවා.අද අපි ඔබට කියන්න යන මේ පණිවුඩය බොහෝදෙනෙකුට ඉතාමත් වැදගත් වේවී කියා අපි විශ්වාස කරනවා.

ඇතිවී තිබෙන කුරුලෑ හා එම කැළැල් නැතිකර ගැනීම සදහා අහිතකර රසායනික වර්ග අඩංගු ආලේපන වර්ග භාවිතා කිරීමට බොහෝදෙනෙක් පුරුදුවී සිටිනවා.සමහර එවැනි නිෂ්පාදන වලින් යම් ප‍්‍රතිඵලයක් ලැබුනත් පසුව ඒවායින් අතුරු ආබාධ ඇතිවීමට බොහෝ ඉඩකඩ තිබෙනවා.

නමුත් මෙම කුරුලෑ මෙන්ම කුරුලෑ කැළැල් සම්පුර්ණයෙන්ම ඉවත් කළ හැකි සියයට සීයක්ම ස්වභාවික සාර්ථක ක‍්‍රම ගණනාවක්ම පවතිනවා.අද අපි ඔබට කියන්න යන්නේ එවැනි සාර්ථක එක සරළ ප‍්‍රතිකාරයක් පිළිබඳවයි.

මේ සදහා අවශ්‍ය අමුද‍්‍රව්‍ය

ලෙමන් යුෂ මේස හැදි 04
මී පැණි මේස හැදි 04
බිත්තර මඳ 01

සාදාගන්නා ආකාරය

ප්ලාස්ටික් භාජනයක් ගෙන සියලූම අමුද‍්‍රව්‍ය එයට දමා හොදින් කලවම් කරගන්න.සාදාගත් එම මිශ‍්‍රණය කුරුලෑ කැළැල් ඇති ස්ථානයේ හොදින් ආලේපකොට මිනිත්තු 20ක් පමණ තිබෙන්නට හැර මදක් උණුසුම ඇති ජලයෙන් සෝදාහරින්න.

මෙලෙස සති 04ක් පමණ දිනපතාම මෙම ප‍්‍රතිකාරය සිදුකිරීම මගින් ඔබට සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගත හැක.

No comments