ඔබේ අල්ලේත් ඉංග‍්‍රීසි M අකුරේ හැඩයක් තියෙනවද - එහෙනම් ඔබ මෙලොව සුවිශේෂී පුද්ගලයෙක් නම් නොවෙයි

අත්ලේ රේඛා යොදා ගෙන ශාස්ත‍්‍ර කීම ඈත අතීතයේ පටන් පැවත එන අසත්‍ය යැයි කියා එක වර බැහැර කිරීමට නොහැකි තරම් ගැඹුරු විද්‍යාවක්. අත්ලේ රේඛා ඇසුරින් නිවැරදි අනාවැකි පලකරන්නන් විසින් ලෝකයට ප‍්‍රකාශ කල නවතම තොරතුරක් ගැන අද ඔබව දැනුවත් කරන්නම්. බලන්න ඔබේ අත්ලෙත් ඉංග‍්‍රීසි M අකුරේ හැඩයක් තියෙනවද කියලා. තියෙනවා නම් ඔබ මේ ලෝකයේ ජිවත් වන සාමාන්‍ය පුදගලයෙක් නම් නොවෙයි.

අත්ලේ M අක්ෂරය පැහැදිලිව තිබෙන්නන් මේ ලොව අති විශේෂ පුදගලයන් බවට ශාස්ත‍්‍ර කරුවන් හදුනා ගෙන තිබෙනවා. මෙවැනි පුදගලයන් සාමාන්‍ය මිනිසුන් අතර සුවිශේෂී චරිතයක් බවට පත් වන්නේ පහත හේතු කාරනා නිසයි.

සහජඥානය කියන හැමෝටම නැති විශේෂ නුවණ මොවුන් හට උප්පතියෙන්ම දායාද වෙලා තියෙනවා. ඕනෙම ව්‍යාපාර කටයුත්තක් සදහා මෙවැනි පුද්ගලයෝ හවුල් කර ගන්න පුළුවන් නම් ඔවුන් අනිවාර්යයෙන්ම ඔබ ඇසුරු කල හොදම ව්‍යාපාර සහයකයෝ / කොටස් කරුවෝ බවට පත් වෙනවා. ඒ තරම් ඔවුන් අවංකයි. 

ඔබ ආදරය කරන පුද්ගලයාගේ අත්ලේ ඉංග‍්‍රීසි M අකුරක් තියෙනවා ඔබ හොදින් මතක තියා ගත යුතු හා එක හෙලාම පිලි පැදිය යුතු කාරණා තුනක් තියෙනවා. ඔහු හෝ ඇය සමග කවදාවත්  ඕනෙවට වඩා විහුලූවට යන්න එපා. කවදාවත් බොරු කියන්නත් එපා. වංචා කරන්න තියා හිතන්නවත් එපා. ඔවුන් මේ සියල්ල ඉවෙන් වගේ තේරෙන ගතියක් සහජයෙන් ලැබිලා තියෙනවා.

M අකුර අත්ලේ තියෙන පිරිමි කෙනෙකුගේ සහජඥානයට වඩා M අකුර අත්ලේ තියෙන ගැහැණු කෙනෙකුගේ සහජඥාන හැකියාව වැඩියි.

ඒ වගේම මෙවැනි පුද්ගලයන් සතුව තම ජිවිතයේ සිතන පතන  ඕනෙම වෙනසක් / දියුණුවක් ලගා කර ගැනීමට තරම් බලවත් ශක්තියක් තිබෙනවා. ඒ කියන්නේ හිතුවොත් කරන්න බැරි දෙයක් නෑලූ. දියුණු වෙන්න හම්බ වෙන පුංචි අවස්ථාවකින් වුවත් අති සාර්ථක  ප‍්‍රතිපල ලබා ගන්න මොවුන් උපන් හපනුන්.

අතීතයේ පටන් මේ දක්වා ලෝකයේ බිහි වූ බොහෝ අති සාර්ථක පුදගලයන් සතුව මේ ඉංග‍්‍රීසි M අකුරේ හැඩය අත්ලේ තිබිලා තියෙනවා. එහෙනම් යාලූවනේ දැන්ම බලන්න ඔබේ අතෙත් මේ හැඩය තියෙනවද කියලා. තියෙනවා ඔබ මේ ලෝකයේ විශේෂ පුද්ගලයෙක් කියලා මතක තියා ගන්න.

දැන් බලූ බැල්මටම ඔබේ අතෙත් මේ අකුර තියෙනවා වගේ පෙනේවි. හැබැයි මේ අකුර ආවට ගියාට තිබිලා මදි. හොදින් කැපී පෙනෙන ලෙස තද රේඛා වලින් තිබිය යුතුයි කියලත් මතක තියාගන්න. 

No comments