දීප්තිමත්ල ඝනල දිගුල නීරෝගී කෙස් කළඹක් ලබාගන්න - මෙන්න විශ්මිත බෙහෙතක්
අද අපි ඔබ වෙත ගෙන එන මෙම හිසකෙස් ප‍්‍රතිකාරය ඔබේ ප‍්‍රියතම ප‍්‍රතිකාරය වෙනවාට කිසිඳු සැකයක් නැහැ. හිසකෙස් දිගට සහ ඝනට වවා ගැනීමට නොහැකිව පසුතැවෙන සැමට මෙම ප‍්‍රතිකාරය ඉතාමත්ම වටිනා එකක් බවට පත්වේවි. මෙය ස්වභාවික ප‍්‍රතිකාරයක් වුනත් හිසකෙස් දිගට සහ ඝනට වවා ගැනීම සඳහා භාවිතා කළහැකි අතිශයින්ම ප‍්‍රභල ප‍්‍රතිකාරයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.
එම ප‍්‍රතිකාරය සකසා සකසා ගැනීම සඳහා ඔබට අවශ්‍ය කරන්නේ ඔලිව් තෙල් (එක්ස්ට‍්‍රා වර්ජින් සහ සුදුළුනු බික් කිහිපයක් පමණයි)
හිසකෙස් වර්ධනය සඳහා ඉතාමාත්ම වැදගත් වෙනල සල්ෆර්ල කොපර්ල විටමින් සීල සෙලනියම්ල සහ ඛනිජ වැනි පෝෂක කොටස් රාශියක්ම සුදුළුනු වල අන්තර්ගත වෙනවා. සුදුළුනු වල ඇති කොපර් වලට හිසකෙස් වර්ධනය කිරීමේල ඝන කිරීමේ සහ හිසකෙස් වල වර්ණය වැඩිදියුණු කිරීමේ සුවිශේෂී හැකියාවක් ඇති බව වාර්තා වෙනවා. එපමණක් නොවෙයි හිසකෙස් වැටීම නවතාලීමේ සුවිශේෂී හැකියාවක්ද සුදුළුනු වලට තිබෙනවා.
සකසා ගන්නා ආකාරය
පළමුව සුදුළුනු බික් දෙකක් ගෙන කුඩාවට කපාගෙන ඉන් පසුව ඊට ඔලිව් තෙල් මේස හැඳි දෙකක් එකතු කොට හොඳින් මිශ‍්‍ර කරගන්න. සුදුළුනු වල සාරය තෙල් එකට හොඳින් උරා ගන්නට පැයක් පමණ තිබෙන්නට ඉඩ හරින්න. දැන් පිරිසිඳු රෙදි කඩක් ගෙන එම මිශ‍්‍රණය ඔරා ගන්නටද අමතක කරන්න එපා. එමගින් සුදුළුනු කැබලි හිසමත රැුඳී තිබෙන එක වලක්වා ගන්නට ඔබට පුළුවන්.
එලෙස පෙරාගත් තෙල් එක හිස්කබල මත ගල්වා හොඳින් සම්භාහනය කරන්න. ෂැම්පු වලට සුවඳ තෙල් වර්ගයකින් බිඳු දෙක තුනක් එකතු කොට හිසකෙස් සෝදා හැරීමෙන් සුදුළුනු වල ගන්ධය පහසුවෙන්ම ඉවත් කරගන්නට ඔබට පුළුවන්. සාර්ථක ප‍්‍රතිපල ලබාගැනීම සඳහා සතියකට දෙවරක් මෙම ප‍්‍රතිකාරය භාවිතා කරන්න.

Post a Comment