ඔබගේ මුඛයෙනුත් දුර්ගන්දයක් හමනවාද? මෙන්න විසදුම

ඔබගේ මුඛයෙනුත් දුර්ගන්දයක් හමනවාද? එසේ නම් ඔබ සමාජය ඉදිරියේ කොයි තරම් අපහසුතාවයකට ලක්වන්නේ දැයි අමුතුවෙන් කිව යුතු නැත.එම නිසා මුඛ දුර්ගන්දය එක් දිනයකින් පලවාහැරිය හැකි විශ්මිත පිලියමක් මෙන්න. කිසිදු කෘතීම ද‍්‍රව්‍යයක් අඩංගු නොවන නිසා කුඩා දරුවෙකුට උවද සැකයක් නැතිව භාවිතා කල හැකියි. මෙම ප‍්‍රතිකාරය වගේම රාත‍්‍රී දත් මැදීමද ඉතා අවශ්‍ය බව මතක තබා ගත යුතුයි.
අවශ්‍ය ද‍්‍රව්‍ය

කුරුඳු කුඩු මේස හැඳි 1/2ක්

මී පැණි මේස හැඳි 1/2ක්

දෙහි ගෙඩි 2ක්

සාදන ක‍්‍රමය

කුරුඳු කුඩු හා මී පැණි භාජනයකට දමා උණු වතුර කෝප්පයක් එකතු කරන්න.පැණි දියවෙන තෙක් දිය කර දෙහි යුෂද එකතු කරන්න.වට වාසිය හැකි වීදුරු භාජනයකට මෙය වත් කර ශීතකරණයේ තබන්න.දිනපතා එමගින් කට හොඳින් සෝදා හරින්න.

ක‍්‍රියාව

කුරුඳු හා දෙහි මගින් මුඛ කුහරයේ ඇති විෂබීජ නසන අතර දුගඳ සඳහා හේතු වන බැක්ටීරියා ඉවත් කර දමයි.මී පැණි මගින් රසයක් එකතු කරනු ලබයි.


මෙම පානයට මුඛයෙන් ඇතිවෙන දුර්ගන්දය නැති කිරීමේ හැකියාව මෙන්ම ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්‌තිමත් කිරීමේ හැකියාවද ඇති නිසා සෙම්ප‍්‍රතිශ්‍යාව, වෛරස් රෝගයන්ට එරෙහිව ක‍්‍රියා කිරීමේ හැකියාව ලබා දෙයි.

No comments