ඔබේ අල්ලෙන් ඔබේ පෞරුෂත්වය ගැන හෙලි කරන කතා ගැන දැනගන්න කැමතිද?


පහලින් අපිව subscribe කරන්න

ඔබේ අල්ලෙන් ඔබ ගැන හා ඔබ අන් අය සම කටයුතු කරන ආකාරය ගැන බොහොකතා හෙළිදරව් කරනවා. ඔබ ඔබේ අතේ අල්ල බැලූවොත් ඔබට දැකගැනීමට පුළුවන් විවිධ ප‍්‍රමාණයෙන් යුතු රේඛා විවිධ විදියට ඇඳි තිබෙනවා. එයින් රේඛා තුනක් ඔබේ ජිවිතයේ ඉතා වැදගත් කොටස් තුනක් නිරුපනය කරනවා. එනම් හදවත, හිස හා ජිවන රේඛාවයි. මේ හස්ත රේඛා ශාස්ත‍්‍රය අනුව ඔබට ඔබේ ජීවිතය වර්ධනය කර ගන්න පුළුවන්.

හදවත් රේඛාව
මෙම රේඛාව ආදර රේඛාව ලෙසද හඳුන්වනවා. මෙයින් පුද්ගලයාගේ හැගීම් හා ඔහුගේ ජිවිතයේ ඇති බැඳීම් ගැන විස්තර කරයි. එසේම මෙම රේඛාව මගින් එම පුද්ගලයාගේ හදවතේ සෞඛ්‍ය ගැන කරුණු හෙළි කරනවා.

මෙම රේඛාව ශිර්ෂ රේඛාව හා ජිවන රේඛාවට ඉහලින් පිහිටා තිබේ. මෙය දබර ඇගිල්ලෙන් හෝ මැද ඇගිල්ලේ පහලින් පටන් ගෙන සුලැගිල්ල දක්වා දීර්ඝ වේ.

ශිර්ෂ රේඛාව
මෙය ඥාන රේඛාව ලෙසද හඳුන්වයි. මේ මගින් කෙනෙකුගේ මානසිකත්වය පිලිබඳ කරුණු හෙළිදරව් කරනවා. එසේම එම රේඛාව මගින් බුද්ධි මට්ටම හා සහජ දක්ෂතා ගැන හෙළි වෙනවා. මෙම රේඛාව මහපට ඇගිල්ල හා දබර ඇගිල්ල අතරින් අල්ලේ පහලට තිරස්ව ඇඳි තිබේ.

ජිවන රේඛාව
බොහෝ දෙනා පළමුව බලන්නේ මෙම රේඛාවයි. මෙම රේඛාව සමහර අයගේ අතෙහි වැඩි අවධානයක් යොමු වන පරිදි ඇඳි තිබේ. මෙය මහපට ඇගිල්ල හා දබර ඇගිල්ල අතරින් පටන් ගෙන මැණික් කටුවට සම්බන්ධ වේ. මේ මගින් ජිවිත කාලය පිලිබඳ, භෞතික /චිත්තවේගී සෞඛ්‍ය පිලිබඳ සෞඛ්‍ය ගැන කරුණු දැනගැනීමට හැකි වේ.

No comments