කෝමාරිකා, කැරට් සහ ඇපල් සයිඩර් විනාකිරි මිශ්‍රණයකින් ඔබගේ පාදවල ඉලිප්පිනු නහර සුව කරගන්න
පහලින් අපිව subscribe කරන්න
ලෝකයේ බොහෝ දෙනෙක් මෙම සෞඛ්‍යය ගැටලූවෙන් පිඩා විදින අතර මෙම තත්වය බොහෝ ආකාරයෙන් ඇතිවන්නට පුළුවන්. එසේම මෙම රෝග තත්වය සෑදුනු විටදී එම පුද්ගලයා මහත් පිඩාවකට ලක්වනවා.
මෙම රෝග තත්වය ඇතිවීමට හේතුන්
- ජානමය තත්වයන්
- වයසට යාම
- ව්‍යායාම වල ප‍්‍රමාණවත්ව නොයෙදීම
- හෝමෝන වල ක්ෂණික වෙනස් වීම්
- ඇවිදීම ප‍්‍රමාණවත් නොවීම
නමුත් මෙම රෝගය සදහා ස්වාභාවික ප‍්‍රතිකාරයක් තිබෙන අතර මෙම ලිපිය මගින් ඔබට පැවසීමට සුදානම් වන්නේ එම ඵලදායි ස්වාභාවික ප‍්‍රතිකාර ක‍්‍රමයයි.
කෝමාරිකා, කැරට් සහ ඇපල් සයිඩර් විනාකිරි මිශ‍්‍රණයේ බෙහෙත් වට්ටෝරුව.
අවශ්‍ය වන ද‍්‍රව්‍ය
- කුඩා කැබලි කපාගත් කැරට් කෝප්ප භාගයක්
- කෝමාරිකා කෝප්ප භාගයක්
- ඇපල් සයිඩර් විනාකිරි කෝප්ප කාලක්
සකසා ගන්නා ආකාරය
පළමුව කැරට් සහ කෝමාරිකා බ්ලෙන්ඩරයකට එක්කර ගන්න. ඉන් පසුව එය හොදින් අඹරාගන්න. ඒ අතරතුරේදී ඇපල් සයිඩර් විනාකිරි එයට එක්කරගෙන නැවතත් හොඳින් අඹරාගන්න. අවසානයේදී ඔබට ක‍්‍රීම් මෙන් ඝණ මිශ‍්‍රණයක් ලැබෙනු ඇත.
භාවිතා කරන ආකාරය
මෙම මිශ‍්‍රණය පාදයේ අවශ්‍ය ස්ථානයේ ආලේප කර විනාඩි 30 ක කාලයක් රැදී සිට සිසිල් ජලයෙන් සෝදා ගන්න. සාර්ථක ප‍්‍රතිඵල අත්කරගැනීම සදහා මෙම මිශ‍්‍රණය දිනකට කිහිප වතාවක් ආලේප කරන්න.
ඔබ දිනකට සුළු ප‍්‍රමාණයක් ඇවිද ඔබගේ රුධිර සංසරණ ක‍්‍රියාවලිය ක‍්‍රියාශීලී කරගැනීමට සහ මෙම මිශ‍්‍රණය දිනපතා භාවිතා කිරීමට සැලකිලිමත් වන්න.
Post a Comment