ගැලවී යන හිසකෙස් රැක දී තට්ටය පැදීම වළක්වාලන, විශ්මිත තෙල් භාවිතයෙන් සාර්ථක අත් බෙහෙතක්

කැස්ටර් ඔයිල් (එඩරු තෙල්) වල විටමින් E, ඛනිජ ලවණ, ප්‍රෝටීන ඇතුලත් වෙනවා. ඒ වගේම මේ එඩරු තෙල් වල බැක්ටීරියා නාශක ගුණයක් සහ දිලීර නාශක ගුණයන්ගෙන්ද යුක්ත වෙනවා.එඩරු තෙල් වල ඔමේගා 9 මේද අම්ලය අඩංගු වන නිසා හිස කෙස් නැවත වර්ධනයට අවශ්‍ය කරන පෝෂණයන් නැවත උත්තේජනය කරනවා.

එමගින් ඔබේ හිසකෙස් පමණක් නොවෙයි ඔබට ඔබේ ඇහි බැම සහ ඇස්පිහටු වුවද නැවත වර්ධනය කරගන්න පුළුවනි. මෙම එඩරු තෙල් ඔබගේ හිසකෙස් ගැඹුරටම ගමන් කර ඔබගේ වර්ධනය වූ හිසකෙස් රැක දෙනවා. හානි වූ හිසකෙස් නැවත ශක්තිමත් කර ගිලිහි යාම නතර කරනවා.

අවශ්‍ය දේවල්

 බිත්තර කහ මද 1ක්
 මී පැණි තේ හැන්දක්
 ළුණු ගෙඩියක යුෂ
 එඩරු තෙල් තේ හැන්දක්

සකස් කරන ආකාරය

කහ මද , එඩරු තෙල් , මී පැණි හා ළුණු යුෂ එකට මිශ‍්‍ර කරන්න

දැන් මෙම මිශ‍්‍රණය හිස මුදුනෙන් පටන් ගෙන හිසේ සෑම තැනකම ආලේප කරමින් ඇගිලි තුඩු වලින් සම්බාහනය කරන්න.

දැන් ඔබේ හිස තුවායකින් හොඳින් බැඳ ගෙන පැයක් මිශ‍්‍රණයේ අඩංගු ද‍්‍රව්‍ය හිස් කබලට උරා ගන්නට ඉඩ හරින්න.

ඉන් පසු සාමාන්‍ය ෂැම්පු යොදා මෙය සෝදා හරින්න. සතියකට කිහිප වරක් මෙම සත්කාරය කිරීමෙන් හිස් කෙස් වැටීම නතර කර ගන්න පුළුවන්.

No comments