මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරගැනීමට විශේෂ ක‍්‍රමයන්

රුපලාවන්‍යාගාර මගින් මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම යනු බොහෝ වේදනා ගෙන දෙන, විශාල මුදලක් වැය වන, සමහර වෙලාවට සාර්ථක නොවන ක‍්‍රමයකි. කාන්තාවන්ට අසන්නට ලැබෙන සතුටුදායකම පුවතක් නම් දැන් මේ සඳහා වැඩි වියදමක් නොමැතිව ඔබගේ කාලය ඉතිරි වන පරිදි වේදනාවකින් තොරව සාර්ථකව නිවසෙදීම සිදු කරගත හැකි ක‍්‍රමයන් හදුන්වාදීමයි.

බේකින් සෝඩා

බේකින් සෝඩා මේස හැඳි 1ක් උණු වතුර මිලිලීටර් 200ක් සමග මිශ‍්‍ර කර සිසිල් වන්නට හරින්න. පුළුන් කැබැල්ලක් ගෙන මෙම මිශ‍්‍රනයෙහි ගිල්වා මදක් වෙලා තබා අවශ්‍ය ප‍්‍රදේශයන්හි ආලේප කරන්න. ඉන්පසු ගෝස් කැබැල්ලක් ගෙන ඒ ප‍්‍රදේශය වටා මුළු රැයක්ම  ඔතා තබන්න. පසු දින ගෝස් කැබැල්ල ඉවත් කර තෙතමනය රැදෙන පරිදි ඇති ආලේපනයක් ගලවන්න (එදිනෙදා භාවිත කරන ක‍්‍රීම් වර්ගයක්දි) න 2ක් 3ක් මෙම ක‍්‍රමය පිළිපැදීමෙන් අනවශ්‍ය රෝම වැටීම ආරම්භ වනු ඇත.

ඖෂධාගාරයේ ඇති අයඞීන්

70% මද්‍යසාර, ඇමෝනියම් මිලිලීටර් 1.5ක්, අයඩින් මිලිලීටර් 2ක්, එඬරු තෙල් මිලිලීටර් 10ක්, 10% හයිඞ්රොක්සයිඞ් යනාදිය ගෙන එකට මිශ‍්‍ර කර මිශ‍්‍රණය අවර්ණ වන තුරු යම් වෙලාවක් තබන්න. දිනපතා උදේ හා හවස මෙයින් ස්වල්පයක් ගෙන අවශ්‍ය ප‍්‍රදේශයන්හි ආලේප කරන්න. දින කිහිපයක් යන විට අනවශ්‍ය රෝම සියල්ලම වැටීම ආරම්භ කරනු ඇත.

කහඹිලියා තෙල්

කහඹිලියා ඇට මේස හැඳි 3ක් එළවලූ තෙල් මිලිලීටර් 100ක් සමග මිශ‍්‍ර කරගන්න. උෂ්ණත්වය වැඩි ස්ථානයක මෙම මිශ‍්‍රණය සති 2ක් තබන්නට හරින්න. ඉන්පසු මිශ‍්‍රණය පෙරා වීදුරු භාජනයකට දමා හොඳින් වසන්න. පුළුන් කැබැල්ලක් හෝ ගෝස් කැබැල්ලක් ගෙන තෙල් වලින් මදක් ගෙන හැම හවස් වරුවකම අවශ්‍ය ප‍්‍රදේශයන් වල ගලවා වසා තබන්න. අවසානයේ මුහුණ සබන් යොදා උණු වතුරෙන් සෝදා හරින්න. අනවශ්‍ය රෝම හැලීමට ආරම්භ වන තෙක් මෙය සිදු කරන්න.

සුදුලූනු

නැවුම් සුදුලූනු යුෂ ගෙන අවශ්‍ය ප‍්‍රදේශය මත දිනකට කිහිප වතාවක් ආලේප කරන්න. 100%ප‍්‍රතිපල ලබා ගැනීමට නම් ආලේප කර මිනිත්තු 30ක්වත් තැබිය යුතුයි. ඉන්පසු උණු වතුරෙන් මුහුණ සෝදා තෙතමනය රැදෙන පරිදි ආලේපනයක් යොදන්න.

No comments