නිරෝගී සහ පැහැපත් සමක් විනාඩි 15 තුළදී හිමිකර ගන්න කැමතිද? මෙහි ප්‍රතිපල ඔබව විශ්මයට පත් කරාවි


අපිව subscribe කරන්න
නිරෝගී සහ පැහැපත් සමක් විනාඩි 15 කදී ලබා ගන්න පුළුවන්  ඕනෑම වර්ගයේ සමක් සඳහා සුදුසු එකම එක ප‍්‍රතිකාරයක් තිබෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. අද ඉදිරිපත් කරන්නේ ඔබව එවැනි විශ්මයට පත් කරන දෙයක්.

මෙම අරුම පුදුම මුහුණු ආවරණ ප‍්‍රතිකාරය ඔබගේ  ඕනෑම වර්ගයේ සමක ඇතිවන ගැටළු සඳහා විසඳුමක් වේ. මෙහි මුලික අරමුණ සම රත්පැහැ ගැන්වීම අවම කිරීම, කුරුලෑ, සමේ පැල්ලම්, සියුම් ඉරි, කළු ඉන්නන්, සෞඛ්‍යට අහිතකර ස්වරූපයක් හා සම පොතු ගැලවීම යනාදී බොහොමයක් අඩු කිරීමට මෙය සමත් වේ.

ඔබ නිතිපතා එය භාවිතා කරන්නේ නම් ඔබේ සම ස්ථාවර දිදුළන හා සුමට බවට පත් වන අතර ඔබේ සමේ රැළි වැටීම අඩු වී දැවිල්ල අතුරුදහන් වනු ඇත.

මෙම විශ්මිත ප‍්‍රතිකාරයට අවශ්‍ය ද‍්‍රව්‍ය

ඕනෑම ධාන්‍ය පිටි වර්ගයක් හෝ  ඕට් පිටි තේ හැඳි 2
කැමොමයිල් හෝ කැබලිකරගත් කැමොමයිල් මල් අඩංගු තේ බෑග් 1
උණු වතුර හෝ කිරි මිලි ලිටර් 100 හෝ 150

විශේෂයෙන් ඕට් පිටි සාදා ගැනීමේදී එහි පොත්ත ඇඹරුම් යන්ත‍්‍රයක ආධාරයෙන් ඉවත් කර පිටි බවට පත්වන තුරු අඹරා ගන්න.

සාදන ක‍්‍රමය

බෑග් එකින් කැමොමයිල් ඉවතට ගෙන එයට  ඕට් පිටි මිශ‍්‍ර කරන්න. හොඳින් කලවම් වූ පසු එයට උණු වතුර හෝ කිරි එකතු කරන්න. එය හොඳින් මිශ‍්‍ර කර එය ටිකක් ඝනකම් වනතුරු පසෙකින් තබන්න. එය යන්තම් උණුසුමක් (පිලිස්සෙන්නේ නැති තරමට) තියෙද්දීම තුනී තට්ටුවක් ලෙස පිරිසිඳු කර ගත් ඔබේ මුහුණේ ආලේප කරන්න. එය ඔබේ මුහුණෙන් ගැලවී නොවැටීම සඳහා මල්පිස් හෝ තුනී දැල් රෙදි කැබැල්ලකින් මුහුණ ආවරණය කරන්න. විනාඩි 15 කට පසු උණුසුම් වතුරෙන් සෝදා මෙය ඉවත් කරන්න.

ඔබේ මුහුණ ළදරුවකුගේ මෙන් මෘදු බවට පත් වී රත්පැහැ ගැන්වීම අතුරුදහන් වනු ඇත. ඔබේ සම පිරිසිඳු නිරෝගී හා ස්ථිර සමක් බවට පත්වීම මෙමගින් සිදුවන අතර ලංකා වීඩියෝ සෝන් ඉදිරිපත් කල මෙම ප‍්‍රතිකාරය ඔබට ප‍්‍රයෝනවත් වූ සේම ඔබගේ යහළුවන්ටද භාවිතා කිරීමට දැනගැනීමට ශෙයාර් කරන්න.

No comments