උණ හෙම්බිරිස්සාව හැදීගෙන එනකොටම නැති කර ගන්නේ මෙහෙමයි
අද අපි ජිවත් වන ලෝකයේ රෝග ඇති කරන විෂබීජ වලින් පිරිලා. කොයි වෙලේ ඔබ රෝගී වේවිද දන්නේ නෑ. නමුත් ඔබ අද විශ්ම ලෝකයෙන් ඉදිරිපත් කරන මේ ලිපිය කියෙව්වොත් නම් ලෙඩ රෝග වලට ආයෙමත් බය වෙන එකක් නෑ. අද කියලා දෙන්නේ අති ප‍්‍රබල 100% ස්වාභාවික ප‍්‍රතිජීවක බෙහෙතක් නැත්තම් Antibiotic එකක් නිවසේදීම පහසුවෙන් හදන හැටි. ඒ වගේම මේ ඔසුව දිනපතා නියමිත මාත‍්‍රාවට ගත්තොත් එදිනෙදා ලෝකයේ පැතිරී යන බොහොමයක් රෝග වලින් සාර්ථකව ආරක්ෂා වෙන්න ඔබට පුළුවන්.
අපි මේ Antibiotic ඔසුව හදන්න යොදා ගන්නේ ප‍්‍රධාන වශයෙන්ම ද‍්‍රව්‍ය දෙකක් පමණයි. ඒ මී පැණි හා කහ. මී පැණි කියන්නේ මිනිස් ශරීරයට ඉතාමත් ගුණදායක ඔසුවක්. ඒ වගේම කහ කියන දේ අපේ කාන්තාවන් ඕනේ තරම් කෑම හදන්න පාවිච්චි කලාට කහ වල තියෙන බැක්ටීරියා වැනි විෂබීජ නාශක බලය හා ශරීරයේ ප‍්‍රතිශක්ති ගුණය වැඩි කිරීමේ හැකියාව ගැන කව්රුවත් හරියට දන්නේ නෑ. ඉතින් මෙන්න මේ මීපැණි හා කහ එකතු උනාට පස්සේ හැදෙනවා ඉතාමත් බලගතු Antibiotic එකක්. මේ මිශ‍්‍රනය හදුන්වන්නේ රන්වන් පැණි කියලා ඉංග‍්‍රීසියෙන් කිව්වොත් Golden Honey කියලා.
අප දැන් බලමු මේ Golden Honey Antibotic හදන්නේ කොහොමද කියලා’
අවශ්‍ය ද‍්‍රව්‍ය
මී පැණි ග‍්‍රෑම් 100
කහ කුඩු තේ හැන්දක්
සාදන ආකාරය හා භාවිතා කරන ආකාරය
මී පැණි හා කහ කුඩු නියමිත ප‍්‍රමාණයට එක් කර හොදින් මිශ‍්‍ර කර ගන්න විදුරු ජෝගුවක ගබඩා කර තබා ගන්න.
ඔබට උණ සෙම්ප‍්‍රතිශ්‍යාව වැනි රෝගයක මුලික රෝග ලක්ෂණ මතු වෙනකොටම පළමු දිනය තුල සැම පැයකටම වරක් මේ ඔසුවෙන් තේ හැඳි භාගයක් ආහාරයට ගන්න. දෙවන දිනය තුල සැම පැය දෙකකටම වරක් මේ ඔසුවෙන් තේ හැඳි භාගයක් ආහාරයට ගන්න. තෙවන දිනයෙදී දිනය පුරා තුන් වරක් පමණක් තේ හැඳි භාගය ගානේ ආහාරයට ගන්න. ආහාරයට ගැනීමේදී මේ ඔසුව දිය වෙන තුරු කටේ තබා ගැනීම අවශ්‍ය වෙනවා. එම නිසා එක වර ගිල දමන්න එපා. ඔසුව කටෙදීම සියල්ල දිය වී යන්න ඉඩ හරින්න.
ඒ වගේම ඔබ ශ්වසන මාර්ගය ආශ‍්‍රිත විවිධ රෝග වලින් පෙලෙන්නෙක් නම් මේ රන් පැණි ඔසුව දිනකට හැඳි භාගය ගානේ තුන් වරක් එක දිගට සතියක් වැනි කාලයක් භාවිතා කිරීමෙන් වලක්වා ගන්න පුළුවන්. ඔබට අවශ්‍ය නම් පුළුවන් මේ රන් පැණි මිශ‍්‍රණයට පොලි කිරි ටිකකුත් එක් කර ගන්න.
නියමිත ආකාරයෙන් මේ ඔසුව භාවිතා කලහොත් ඔබට බෙහෙත් ගැනීමකින් තොරව පුංචි පුංචි ලෙඩ රෝග වලට සාර්ථක ලෙස පිලියම් කරන්න පුළුවන්.

Post a Comment