ලේ වඩන විස්මිත පානය මෙන්න රක්තහීනතාවයට ක්ෂණික ප‍්‍රතිකාරයක්


පහලින් අපිව subscribe කරන්න


සෞඛ්‍යය සම්පන්න රුධිර මට්ටමක් පවත්වා ගැනීම සදහා රතු රුධිරාණු ෙසෙල ප‍්‍රමාණය මෙන්ම රුධිරයේ හිමොග්ලොබින් මට්ටමද ඉතාමත් වැදගත් වේ. අපගේ ශරීරයේ ෙසෙල තුල ඇති හිමොග්ලොබින් මට්ටම පහල වැටුණු විට ශරීරයට අවශ්‍ය වන ඔක්සිජන් ප‍්‍රමාණය ප‍්‍රමාණවත්ව සපයාගත නොහැකි වීම මගින් රක්තහීනතාවය ඇති වේ.


රක්තහීනතාවය ඇතිවීම මගින් මිනිස් ශරයේ අවයව වල ක‍්‍රියාකාරීත්වය සදහා අවශ්‍ය වන ඔක්සිජන් ප‍්‍රමාණය ප‍්‍රමාණවත් නොවීම මගින් විඩාව, කැරකිල්ල, සම සියුමැලි වීම, කෑම අරුචිය හා ප‍්‍රතිශක්තීකරණය දුර්වල වීම වැනි තත්වයන් ඇති වේ.
ඔබත් රක්තහීනතාවයෙන් පීඩා විදින හෝ එම රෝගයෙහි අවදානම ඔබටත් ඇතිවේවියැයි සිතන පුද්ගලයෙක්නම් මෙම ස්වාභාවික බෙහෙත් වට්ටෝරුව පරිභෝජනය කිරීම මගින් ඔබගේ එම පීඩාකාරී තත්වයන්ට සුවය ලබා ගත හැකි වේ. මෙම බෙහෙත් වට්ටෝරුව ඉතාමත් රසවත් වන අතර ඉතා ඵලදායි ප‍්‍රතිඵල අත් කර දෙනු ලැබේ.
අවශ්‍ය වන ද‍්‍රව්‍ය:
– මී පැණි 200 ml
– වෝල්නට්ස් (walnuts) 200 ට (හොදින් කුඩු කරගත්)
– වියලි මිදී
– කැරට් යුෂ 200 ml
– බීට් යුෂ 200 ml
– ලෙමන් ගෙඩි දෙකක්
සකසා ගන්නා ආකාරය:
පළමුව ලෙමන් ගෙඩි දෙකට කපා ඇට ඉවත් කරගන්න. ලෙමන් කාබනික ලෙස වගා කල ඒවා නොවේනම් ලෙල්ල ඉවත් කර අඹරා ගන්න මෙම ලෙමන් කාබනික ලෙස වගා කලේ නම් ලෙල්ලත් සමග හොදින් අඹරා ගන්න. ඉන් පසුව අඹරාගත් ලෙමන් ලීටරයේ ජෝගුවකට එක්කර මී පැණි, කැරට් යුෂ සහ බීට් යුෂ එක්කරගෙන හොදින් මිශ‍්‍ර කරන්න. ඉන් පසුව වුල්නට්ස් සහ වියලි මිදි
එක්කරගෙන නැවතත් හොදින් මිශ‍්‍ර කරගන්න.
මෙම සකසාගත් මිශ‍්‍රණය ශීතකරණයේ තබා ගන්න. දිනකට තුන් වතාවක් මෙම මිශ‍්‍රණයෙන් කෑමට පෙර මේස හැන්දක ප‍්‍රමාණයක් පානය කරන්න.
ඔබ මෙම බෙහෙත් වට්ටෝරුව පරිභෝජනය කර සතියක කාලයක් ගතවන විට ඔබගේ රෝගී තත්වයේ සුවයක් ඔබට දැනෙනු ඇත.

No comments