පවතින දැඩි හිරු රශ්මියෙන් පිළිස්සුනු ඔබේ සම ඉවත දමන දෙහි ලෙල්ලෙන් ආරක්ෂා කරන ක්‍රමය
සති කිහිපයක සිට පවතින්නේ අතිශය පීඩාකාරී උණුසුම් කාලගුණ තත්වයකි.මේ හේතුවෙන් බෙහෙවින් වදවෙන්නේ කාන්තා පාර්ශ්‍යවයයි.සම කළු වීම,අව්වට පිළිස්සීම ඔවුන්ට බරපතල ගැටලූවකි.
විශේෂයෙන් මුහුණේ දීප්තිය අඩුවීම,දුර්වර්ණවීම වැනි ගැටලූ වලක්වා ගැනීමට ආයුර්වේදයේ සරල ප‍්‍රතිකාර ක‍්‍රම පවතිනවා.අද අපි ඔබට හදුන්වා දෙන්න යන්නේ මේ දැඩි හිරු රශ්මියෙන් සම ආරක්ෂාකර ගත හැකි නිවසේදීම සකස්කළ හැකි සරල ක‍්‍රම කිහිපයක් පිළිබඳවයි.
01 රාත‍්‍රී ආහාරය පිළියෙළ කිරීමට යොදාගත් දෙහි ගෙඩියේ ලෙලි කිහිපයක් ගෙන හොදින් පිරිසිදු කර ලොකු ජල වීදුරු දෙකක පමණ ප‍්‍රමාණයකට දමා වසා තබන්න.පසුදා උදෑසන දෙහි ලෙලි ඉවත්කර එම ජලයෙන් මුහුණ සෝදා හරින්න.
02 මුදවපු මී කිරි කෝප්ප බාගයක් පමණ ගෙන මුහුණේ හොඳහැටි ආලේප කරන්න.මෙය හොඳින් වේලූණු පසුව සිසිල් ජලයෙන් මෘදු ලෙස අතුල්ලමින් සෝදා හරින්න.
03 අවශ්‍ය තරමට වතුර ප‍්‍රමාණයක් ගෙන උණුකර නිවා ගන්න.එයට දෙහි බෑවක ඉස්ම මිරිකා හොඳින් මිශ‍්‍රකර ගෙන මුහුණ අතපය තෙමන්න.මෙලෙස කිහිපවාරයක් කරන්න.
Post a Comment