අකමැති වුනත් රාබු කන්න පුරුදු වුනොත් ඔබට මෙන්න මේ ලෙඩ රෝග වලින් බේරෙන්න පුළුවන්


අප සොබාදහම කවදත් විස්මිතය. විටෙක ව්‍යංජනයක් ලෙසින් අපගේ බත් පතට එකතුවන එළවළුවක් තවත් විටෙක නිෂ්පාදිත ඖෂද සඳහා මෙන්ම අත්බෙහෙත් සඳහාද යොදාගන්න ඔසුවක් වන්නේය.මේ කතාව ඔබ අප කවුරුත් හදුනන රාබු ගැනය.  සමහර දෙනෙක් මේ එලවලුවට තරමක් අකමැති වනු ඇත. නමුත් අදින් පසුව මෙය ඔබගේ බත් පතට එක් වනු බව නිසැකය .



රාබු ගැන කතා කරන විට සෑම දෙනෙක්ම හොදින් හදුනන පොදු ගුණාංගයක් වන්නේ මුත්‍ර අමාරු වලට හොඳ බවය .ඉන් ඔබ්බට රාබු ගැන දැනුවත් කිරීම අද ලිපියේ අරමුනයි.

රාබු  වර්ග දෙවර්ගයකි .එනම්  බෝල රාබු හා බීරළු රාබුය. ඇත් දල පැහැයෙන් යුක්ත වන නිසාම
"හස්ති දන්තක" ලෙසද කුසගිනි වැඩ කෑම රුචිය වඩවන බැවින් "රුචිරන්" යන නාමයෙන්ද හදුන්වන 

මෙම රාබු පහසු මිලකින්ද යුක්තය.

රාබු වල නැගෙන මේ කටුක ගන්ධයට හෙතුව  ගෙන්දගම් හා පොස්පරස් අඩංගු නිසාය . රාබු ක්ලෝරීන්
මෙන්ම ඛනිජ වලින්ද අනුන එළවළුවකි. එහි මේදය ,කැල්සියම් ,පිෂ්ඨය ,යකඩ,පොස්පරස්,කැරටින්,හා 

මාංශ ජනක ධාතු  බහුල වේ.

ඔසුවක් වශයෙන් ඇති වැදගත්කම

චරම රෝග ,මුත්‍ර ගල්, කන් කැක්කුම ,අන්ඩවාත,මැලේරියාව,අහාර රුචිය සඳහාද දිව ඔසුවකි.වියලි රාබු 
අහාරයට ගැනීමෙන් වා පිත් ,සෙම් යන තුන් දොසම සමනය කරයි.රාබු අල පෙති අව්වේ වියලා.අටු කොස් ලෙස

කල් තබා ගැනිමටද හැකියාව ඇත .වාත රෝග ,ගැස්ට්‍රයිටිස්,ක්ෂය රෝගයටත් ගුණදායකය.

ක්ෂාර තෙල්,මුලකාදී  තෙල ,කණකක්ෂීර තෙල් නිපදවීම සඳහාද මෙම රාබු යුෂ  බාවිතා  කරයි.

විවිධ රෝග සඳහා භාවිත කරන අකාරය

අර්ශෂ් ගෙඩි සඳහා 

රාබු අල හා කොළ ඉතා සිහින්ව ලියා ලුණු කැට දෙමිටක් දමා තම්බා ගෙන මද උණුසුම සහිත විට අර්ශෂ් 
ගෙඩි සෝදන්න. ජලයේ රස්නය හීන වන තුරු මෙලෙස සිදුකරන්න.

ආණ්ඩවාතයට 

රාබු අල පෙති අමු කහ කැබැල්ලක් හා ලුණු කැට කිහිපයක් දමා කොටා.එය කොහොඹ තෙල් වලින් මලවන්න. පසුව හොදින් මිශ්‍ර කර එම ස්ථානයට තබා රෙදි පටියකින් වේලීම සිදු කරන්න.

දියවැඩියාවට 

රාබු අල ඉතාමත් සිහින්ව ලියා උම්බලකඩ .රතුළුණු අමුමිරිස් ආදිය දමා සම්බෝලයක් ආකාරයට සකස් කර අහාරයට
එක කර ගන්න

කල්ගත වූ  කැස්සට 

රාබු අල ඉස්ම සහිඳ ලුනු ,තිප්පිලි කුඩු ,මි පැණි ,දමා මදක් රත් කොට  මේස හැඳි දෙකක ප්‍රමාණයෙන් උදේ හවස පානය
කරන්න. 

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


No comments