අකලට සුදු වන කොණ්ඩය කළු කරන ස්වාභාවික ඩයි එක

සුදු කෙස් ගස් කළු කර ගැනීම සදහා වෙලදපොලේ නොයෙකුත් කෘතීම වර්ණාලේප නිෂ්පාධන රාශියක් තිබෙනවා. නමුත් ගොඩක් දෙනා කොන්ඬේ ඩයි කර ගන්න ස්වාභාවික පිළියම් භාවිතා කරන්න කැමතියි. එයට හේතුව වන්නේ කෘතීම වර්ණාලේප නිෂ්පාධන වල කෙස් ගස් වලට හානිකර රසායනික ද‍්‍රව්‍ය අඩංගු වීමයි. අද ඔබට කියලා දෙන්න යන්නේ අකලට හිස් කෙස් සුදු වීම කියන අද කාලේ අපි ගොඩක් දෙනෙක් මුහුණේ දෙන ප‍්‍රශ්නයකට ස්වාභාවික පිලියමක්.

මේ සදහා අවශ්‍ය කරන්නේ එකම එක අමුද‍්‍රව්‍යක් වන අතර එය ඔබේ කුස්සියෙන්ම පහසුවෙන් සොයා ගන්න පුළුවන්. විශේෂම දේ වන්නේ මේ සදහා අප යොදා ගන්න අමුද‍්‍රව්‍ය නිවසේ කුණු මුල්ලට විසි කරන දෙයක් වීමයි. ඒ තමයි අල පොතුදැන් අපි බලමුකෝ කොහොමද මේ අල පොතු වලින් කොන්ඬේ කළු කර ගන්නේ කියලා.

සාමාන්‍ය ප‍්‍රමාණයේ අල ගෙඩි 5ක් ගෙන පොතු ටික පරිස්සමට ඉවත් කර ගන්න.

ජලය කෝප්ප දෙකක් සාස්පානකට දාලා එකට අල පොතු ටිකත් දාලා නටන උෂ්ණත්වය දක්වා රත් කර ගන්න.

නටන උෂ්ණත්වයට පැමිණි පසු ගින්දර අඩු කර විනාඩි 5ක් මද ගින්නේ තම්බා ගන්න.

ඉන්පසු සාස්පාන ලිපෙන් ඉවත් කර අල පොතු මිශ‍්‍රණය සිසිල් වෙන්න පැත්තකින් තියලා තියන්න.

අල පොතු මිශ‍්‍රනය හොදින් සිසිල් උනාට පස්සේ එහි ඇති වතුර ටික පෙරා ගන්න. 

හොයා ගන්න පුළුවන් නම් ලැවන්දාර් හරි රෝස්මේරි හරි තෙල් බින්දු කිහිපයක් මෙයට එකතු කරාට කමක් නෑ. 

දැන් මේ පෙරා ගත් දියරය හොදින් වැසිය හැකි මුඩියක් තිබෙන බෝතලයකට දා ගන්න. 

භාවිතා කරන ආකාරය

ස්නානය කර අවසානයේදී මෙම අල පොතු දියරය ඔලූවට දාලා කෙස් ගස් වල හොදින් තැවරෙන සේ පිරිමදින්න.

මේක අර කෘතීම ඩයි එකක් වගේ ආලේප කරලා ඉවර වෙලා සෝදලා අරින්න එපා. එහෙම්මම ඔලූවටම වේලෙන්න අරින්න.

එක් වරක් ඔබ මෙය උත්සාහ කර බැලූවොත් සාර්තක ප‍්‍රතිපල ඔබේ දෑසින්ම බලා ගන්න පුළුවන් වේවි. මතක තියා ගන්න සෑම වෙලාවකම කෘතීම දේවල් වලට ස්වාභාවික දේවල් හැම අතින්ම ආරක්ෂිතයි කියලා. 

No comments