කකුල්වල ඇගිලි කරු වන වීමක් යනුවෙන් අදහස් කරන්නේ කුමන තත්වයක්ද ?
ඇගිලිකරු වනවීමට හේතු සහ ඒ සදහා ඇති විශ්මිත විසදුම් මෙන්න.
කකුලේ ඇගිලි අතර ඇතිවන දිලීරමය විෂබීජ තත්වයකි. (Tinea Pedis) මෙය බොහෝවිට නිතර සපත්තු පලදින අයගේ බහුලව දැකිය හැක. බොහෝවිට දීර්ඝ කාලීනව පවතින මෙය හරියාකාරව ප‍්‍රථිකාර නොකිරීමත්, කකුලේ පිරිසිදු බව අඩුවීමත් යන කරුනු දෙකම මුල්කරගෙන නැවත නැවත මතු වීමේ හැකියාවක් ඇත.
මෙම තත්ව ඇතිවීමට හේතු කවරේද ?
කකුලේ ඇගිලි කරු අතර නිතර තෙත්ව තිබීම මීට බලපාන ප‍්‍රධානතම හේතුවයි. දීර්ඝ වේලාවක් සපත්තු පැලද සිටීමේදී කකුලට දහඩිය දැමීමත් ඒවා වැඩි වේලාවක් රැදී පැවතීමත් මෙසේ දිලීර රෝග ඇති වීමට හේතුකාරකවෙනවා.
මීට අමතරව මෙම රෝගී තත්වය ඇති අයෙකුගේ පාවහන් පැලදීමෙන් මෙම දිලීර රෝගය තවකෙනෙකුට වැලදිය හැක.
මෙහිදී එන රෝග ලක්ෂණ මොනවාද ?
කකුලේ ඇගිලි අතර කැසීම, පතුරු ගැලවීම (සුදුපැහැති පතුරු ලෙස) සමහර අවස්ථාවලදී වතුර වැනි යමක් පිට වීම, කැසීමත් සමග තුවාල ඇතිවීම හා සමහර අවස්ථාවලදී කැක්කුම ඇතිවීම, විෂ බීජ තත්ව ඇතිවීම, නියපොතුවලට පැතිරුනු අවස්ථාවල දී නියපොතු අවපාට වීම, ඝනකම් වීම හා කැඞී යාම සිදුවිය හැක.
මේ සදහා සිදුකරන පරීක්ෂණ මොනවාද ?
සාමාන්‍යයෙන් මේ සදහා පරීක්ෂණ කිරීමක් සිදු නොකරයි. රෝග ලක්ෂණ අනුව බොහෝවිට වෛද්‍යවරයා විසින් රෝග නිගමනය කෙරේ. නමුත් කලාතුරකින් අවස්ථාවක අදාල ස්ථානයෙන් කැබැල්ලක් ගෙන දිලීරය හදුනා ගැනීම සහ ඊට සරිලන දිලීර නාශක ඖෂධය හදුනා ගැනීම සිදුකරයි. (Culture / ABST)
මේ සදහා ඇති ප‍්‍රථිකාර මොනවාද ?
දිලිරනාශක ක‍්‍රීම් වර්ගයක් හෝ පවුඩර් වර්ගයක් (උදා : Micanazole, Clotrimazole) ආලේප කිරීම. (මෙය ඇගිලිකරු අතර වන වීම නැති වූ පසුත් සති කිහිපයක් සති 2ක් පමණ ආලේප කරන ලෙස වෛද්‍යවරයා උපදෙස් දෙනු ඇත.)
කකුල් හොදින් සබන් දා සේදීම හා ඇගිලි කරු අතර හොදින් තෙත මාත්තු කිරීම. මෙය දවසකට දෙවතාවක්වත් සිදුකිරීම.
සපත්තු හොදින් පිරිසිදු කිරීම. (අව්වේ දමා වේලීම, මේස් හොදින් සෝදා හොදින් අව්වේ දමා වේලීම)
තෙත සපත්තු හා මේස් දැමීමෙන් වැලකීම.
අනෙක් අයගේ සපත්තු මේස් දැමීමෙන් හැකිතරම් ඈත් වීම.
කකුල ඉදිමී රතු වී ඇත්නම් වහාම නැවත වෛද්‍යවරයා වෙත යොමුවිය යුතුවේ. එය වෙනත් විෂ බීජ තත්වයක් නිසා විය හැකිවේ.
දියවැඩියා රෝගීන් මෙවැනි තත්ව වලට ඉක්මනින් ක‍්‍රමාණුකූලව ප‍්‍රථිකාර ගත යුතුය නැතහොත් තුවාල විශාල වී කකුල් ඉවත් කරන මට්ටමක් දක්වා වර්ධනය විය හැක.
මෙවැනි තත්ව ඇති වීම වලක්වා ගන්නේ කෙසේද ?
සපත්තු භාවිතා කිරීමේදී නිතර මාරු කිරීම හා පිරිසිදු මේස් භාවිතා කිරීම.
කකුල් දිනකට දෙවරක්වත් හොදින් සේදීම. (විශේෂයෙන් සවසට සපත්තු ගැලවූ පසු)
කකුල්වල තෙත ගතිය ඇත්තේ නම් තෙත නිතර මාත්තුකර හැරීම. (විශේෂයෙන් ඇගිලි කරු අතර)
මුලීක කැසීම ආරම්භ වනවාත් සමග ඊට ප‍්‍රථිකාර ගැනීම.
පොදු ස්ථානවල ඇවිදීමේදී විශේෂයෙන් නාන තටාක ආශ‍්‍රිතව සෙරප්පු පාවිච්චිකිරීම.
Post a Comment